මේ මොහොතේ ජීවත්වීම යනු හෙට දිනක් නැතැයි සිතා ජීවත්වීමයි.එය එසේ වීමටනම් ඔබ මේ ගෙවෙන හැම මොහොතකම වටිනාකම ඔබට දැනිය යුතුයි. ඔබ කරන සෑම ක්‍රියාවක් තුලම ඔබ ඒ තුල ජීවත්විය යුතුයි.එය ඉතා බැරෑරුම් ක්‍රියාවක් වනු ඇත.මන්ද යත් අප සෑම විටම පුරුදු වී සිටින්නේ අපගේ මනෝවිකර ලෝකය තුල ජීවත් වීමටයි.මේ මොහොතේ ජීවත්වීමටන්ම් ඔබ දැඩි කැපවීමක් කල යුතයි.එහෙත් එහි ප්‍රතිඵලය විශිෂ්ඨය.






ඔබ ඔබේ වෙන්න


ඔබ ඔබේ වෙන්න.කිසිවෙකුටවත් ඔබේ ජීවිතයට ඇගිලි ගසන්නට ඉඩ තබන්න එපා.අනුන් ඔබ ගැන සිතන දේ කිසිසේත්ම ඔබට වැඩක් නැත.”dance like nobody is watching”. ඔබට සිතන දේ ඔබ කරන්න.බලසිටින්නන් ඔබ ගැන කුමන ආකාරයකින් බැලුවත් කමක් නැත.ඔබට නිවැරදි යැයි සිතන දේ ඔබ කරන්න. ඔබ ඔබව විශ්වාස කරන්න.





සර්වශුභවාදී වන්න


ඔබ අනුන් ගැන සිතුවොත්,ඔබ කරන දේවල් පිලිබදව අනුත් සිතන දේ සිතන්න ගියහොත්,ඔබ එය අනුන්ව පිනවීම පිණිස කරන්න ගියහොත්, ඔබේ ඒ මොහොත ඔබෙන් ගිලිහී යනු ඇත.මන්ද යත් ජීවිතය යනු ඔබ සතුටින් ගත කිරිම මිස අනුන් පිනවීම පිණිස ජීවත්වීම නොවේ.එම නිසා මේ මොහොත ඔබේ කරගන්න.






අවට ලෝකය පිලිබදව අධ්‍යනය කරන්න


ඔබ කරන කාර්ය කුමක්වුවත් කම් නැත.ඔබේ වටපිටාව ගැන විමසිල්ලෙන් සිටින්න.සමහරවිට ඔබ පාසල් යන මාර්ගයේ සිටිනවා  විය හැක,ඔබ ලස්සන පාලමක් පසුකරමින් යනවා විය හැක. ඒ මොහොතේ එම වටපිටාව ඔබ සෝදිසි කරන්න.


ඔබ උදේ පාන්දරම පාසල් යනවිට හෝ තමන්ගේ කාර්යාලට යන විට ඔබගේ වටපිටාවේ ඉතා චමත්කාරජනක සිද්දීන් ඔබෙන් ගිලිහී යනවා විය හැක. ඔබ තනියම ගමන් කරන විට සිහින මවමින් මනොලෝකවල ගමන් නොකරන්න. අවට ලෝකයේ ලස්සන ඔබත් විදගන්න. ඉර නැගෙන විට අවට පරිසරය අලංකාරවන  අන්දම,මලක සුවද,සමනලුන් ගේ ජීවිත,කුරුල්ලන්ගේ හඩ මේ සෑම දෙයක්ම ඔබ පසුකරගෙන යයි. සමහරවිට ඔබට ඒවා නොපෙනනවා විය හැක. එ මන්ද යත් ඔබ සිටින්නේ වෙනම සිහින ලෝකවලය. එම නිසා එසේ වීමට ඉඩ නොතබන්න. මේ මොහොත විදගන්න.අවට ලෝකය ඔබේ මේ මොහොත සතුටින් ගත කිරීමට මනා පිටුවහලක් වනවා නොවනුමානය.





ඔබ කරන කාර්ය වෙන අවධානය යොමු කරන්න


ඔබ පාරේ ඇවිදිනවා විය හැක.යහළුවන් සමග විනෝද වෙමින් carom ගසනවා වෙන්නට පුළුවනි.එහෙත් ඔබගේ සිත ඒ මොහොතේත් වෙන කිසියම් කාරණයක් වෙත ඇදෙමින් පවතී. එය එසේම වෙයි. ඔබට පමණක් නොව එය බොහේ දෙනා අත්විදිනා දෙයකි.කෙසේ හෝ ඔබ ඔබේ කාර්ය වෙත සිත යොමන්න.කලින් සිදුවූ දේවල් හෝ වෙන්නට යන දේවල්  පිලිබදව ඒ මොහොතේ නොසිතන්න.


ඔබට මෙය කිරීමට අපහසුනම් මම ඔබට ක්‍රමයක් කියාදෙන්නම්. ඔබ යම් කිසි කාර්යක් කරන විට ඔබේ කල්පනාව එතනින් ගිලිහී යනවානම්, ඔබ කෙටි හුස්මක් ගන්න.ඒ හුස්ම ඔබේ නාසයෙන් අතුල්වනවා, සිරුර වෙත ඇදෙනවා, පෙණහළු තුලුන් ගමන් කරනවා නැවතත් එලියට යනවා.මෙලෙසින් සිතන්න. මෙලෙස ටික වෙලාවක් කර ඉන් පසු නැවත ඔබේ කාර්ය කිරීම ආරම්භ කරන්න. ඔබට ඔබේ කාර්ය මන අවබෝධයෙන් යුතුව කරගැනීමට හැකි වනවා නිසැකය.


සිනාවෙන් දවස අරඹන්න


සෑම දිනකම ඔබ සිනාවෙන් යුතුව දවස අරඹන්න.ඔබගේ පවුලේ අයට සිනහවකින් සංග්‍රහ කරන්න. එසේ කිරීමෙන් ඔබේ සිතත් ගතත් දෙකම පිරිසිදු වේ.ඔබේ මුහුණේ සිනහව සෑම විටම රදවා තබා ගැනීම ඔබේ සෞඛ්‍යයටත් ඉවහල් වේ.අද දිනය ගැන සුබවාදී චිත්‍රයක් ඔබ මවා ගන්න.තමන් දවසේ කරපු වැඩක් ගැන යහමින් සිතා මොහොතක් ඒ ගැන උණු තේ එකක් බොන ගමන් සතුටු වන්න.ගතවූ සෑම මොහොතකම ධනාත්මක පැත්ත සිතන්න.





එක වෙලාවක එක කාර්යක් පමණක් කරන්න


එක කාර්යක්,එක වේලාවකදී.ඔබ මල් වලට වතුර දානවනම් මල් වලට වතුර දන්නා, වෙන කිසිවක් නොකරන්න.කනවනම් කන්න,මෙසේ කිරීමෙන් ඔබට බොහෝ කාර්යන් 99% සාර්ථකව කර ගැනීමට හැකි වේ.






ඉවසීමෙන් පහසුවෙන් කරන කාර්ය කරන්න


ඔබට සෙමෙන් කරන්නත් පුළුවන් ,නැතිනම් ඔබට ඒ කාර්ය ඉක්මනට කරන්නත් පුළුවන්.ඉක්මන් කිරීම පසෙකලා ඔබ ඔබට පවරී ඇති කාර්ය නිවැරදිව ඉවසීමෙන් කරන්න.මෙසේ ඉවසීමෙන් සෙමෙන් කිරීමෙන් ඔබට මනා පළපුරුද්දක් ලැබේ. ඉන්පසු වේගය ඔබට සකසා ගත හැක.







එදිනෙද කාර්යන් අඩු කරගන්න


ඔබ ඔබට තිබෙන එදිනෙද කාර්යන් අඩු කරගතහොත් ඔබ කරන අඩු කාර්යන් වුවත් නිවැරදිව සාර්ථකව කරගත හැකි වේ.එහෙම නැතිව ඔබ මුළු දවසටම කාර්යන් පුරවා ගතහොත් එයින් එක වැඩක්වත් ඔබට නිවැරදිව කරගැනීමට නොහැකි වේ.අත්‍යවශ්‍ය කාර්යන් පළමුවෙන්ම තෝරා ගැනීම ඔබේ තීරණයි.






විනාඩි 5ක් හෝ relax වෙන්න


ඔබ කෙතරම් කාර්යබහුල පුද්ගලයෙක් වුනත් විනාඩි 5ක් හෝ relax වීමට වගබලා ගන්න. මම පෙර කියූ පරිදි ඔබගේ හුස්මට ඔබ ඉඩ දෙන්න.අවට ලෝකයේ සිද්දවන දේවල් පිලිබදව අවදානය යොමු කරන්න.සියුම් ශබ්ද අහන්න.






සෙමෙන් කන්න


ඔබ කන විටදී වුවත් සෙමෙන් කන්න පුරුදු වෙන්න. ඔබ කන කෑමේ රසය ඔබ විදගන්න.මෙය ආහාර ජීර්නයටද පහසු වේ.







කලබල නොවන්න


මා පෙර කී පරිදිම ඔබ කරන සෑම දෙයක්ම සෙමෙන් කරන්න පෙලබෙන්න. මන්දයත් එවිට ඔබට ඒ මොහොත යහමින් ගත කල හැක. ඒ මොහොතේ ජීවත් විය හැක.අවට ලෝකයට කන්දීමට මෙයින් අවස්ථාව සැලසේ.







Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook