Windows 8 වලට කලින් ආ සෑම windows මෙහෙයුම් පද්ධතියකම start menu එකක් තිබිණි. එමනිසා කවුරුත් මේ start menu එකට ඇබ්බැහි වූ අයයි. එනිසා start menu එක නැති windows 8 මෙහෙයුම් පද්ධතියේ යම් නුහුරු බවක් මේ අයට දැනේ. Windows 8 මෙහෙයුම් පද්ධතියට start menu එකක් එක් කර ගන්නටම විවිධ වැඩසටහන් සකසනු ලැබුවේ මේ නිසාමය.
ඒවා micosoft සමාගමේ නිපැයුම් නොවුණාට windows 8 මෙහෙයුම් පද්ධතිය සමග හොදින් ක්‍රියාත්මක වෙන ආරක්ෂාකාරී ඒවාය. හොදයි, එහෙනම් දැන් අපි බලමු ලොව ප්‍රකට එවැනි windows 8 start menu වැඩසටහන් කිහිපයක් පිලිබදව.
1. Start Menu Reviver
Start menu reviver යනු windows 8 හා 8.1 සදහා හොදින් ගැලපෙන නවීන පන්නයේ start menu එකකි. මෙය windows 7 මෙහෙයුම් පද්ධතියේ ඇති start menu එක මෙන් හැසිරවිය හැකි හා මෙහි ඊටත් වඩා පහසුකම් තිබේ.
Start Menu Reviver Download කරගැනීමට.
2. Pokki
Pokki windows 8 start menu එක කලින් තිබු windows මෙහෙයුම් පද්ධතිවල start menu වලට සමාන එකක් නොවේ. මෙය සැකස ඇත්තේ windows 8 පෙනුමට හා ක්‍රියාකාරීත්වයට උචිත වන පරිදිය. එනිසා කලින් windows සංස්කරණ භාවිත නොකළ windows 8 වලින්ම පරිගණක වල වැඩ කරන්න පටන් ගත් අයට වුවත් මෙම start menu එක ගැලපෙයි.
3. Power 8
Pokki windows 8 start menu එක කලින් තිබු windows මෙහෙයුම් පද්ධතිවල start menu වලට සමාන එකක් නොවේ. මෙය සැකස ඇත්තේ windows 8 පෙනුමට හා ක්‍රියාකාරීත්වයට උචිත වන පරිදිය. එනිසා කලින් windows සංස්කරණ භාවිත නොකළ windows 8 වලින්ම පරිගණක වල වැඩ කරන්න පටන් ගත් අයට වුවත් මෙම start menu එක ගැලපෙයි.
Pokki Download කරගැනීමට.
Windows පැරණි start menu වල පෙනුමට කැමති අයට power 8 start menu එක ගැලපෙයි. මෙය windows xp මෙහෙයුම් පද්ධතියේ start menu එකට සමාන බවක් දක්වයි.
Power 8 Download කරගැනීමට.
4. Classic Shell
වෙනත් start menu වැඩසටහන් සමග සැසදු විට තමන්ට අවශ්‍ය විදියට පහසුවෙන් වෙනස් කර ගත හැකි start menu එකක් ලෙස මෙය හැදින්විය හැකිය. Classic shell start menu එක සහ start button එකෙහි පෙනුම windows 7 හි පෙනුමට කිට්ටුය. එහෙත් windows 98 වැනි පැරණි windows මෙහෙයුම් පද්ධතිවල තිබෙන පෙනුමට වුවත් මෙය සකස් කර ගන්නට පුළුවනි.
Classic Two Columns
Windows 7
Classic Shell Download කරගැනීමට.
5. Start W8
Start w8 යනු යතුරු පුවරුව හරහා වුවද පාලනය කිරීමට පහසු වන සේ සකසා ඇති වැඩසටහනකි. Windows 8 වෙත පිවිසුණු පසු start screen එකට පිවිසෙන්නේ නැතිව කෙලින්ම desktop එකට පිවිසීමට මෙම start menu එක ඉඩ දෙයි. එමෙන්ම start screen එක මුළුමනින්ම මග හැර දමා වැඩකරගෙන යාමටද මෙමගින් ඉඩ දෙයි. මෙහි පෙනුම windows 7 start menu එකට කිට්ටුය.