අපි අන්තර්ජාලය භාවිතා කිරීම සදහා අන්තර්ජාල සේවා සපයන්නන් විසින් ලබාදෙන packages තමා භාවිතා කරන්නේ. එසේ ලබාගන්නා packages වලට නියමිත mb/gb ගණනක් තියනවා. සමහර විට අපි දන්නෙම නැතිව package එක ඉවර වෙනවා, ඉවර උනාට පස්සේ භාවිතා කරන mb වලට වැඩිපුර සල්ලිත් කැපෙනවා නැත්තම් connection  එක slow වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් වෙන් නැතිවෙන්න අපේ usage එක හරියට දැනගන්න වෙනවා (monitoring). එකට හරියන free software වගයක් ඔයාලට දෙන්න තමා හදන්නේ.


මෙතන software වැඩි ගණනක් දාලා තියනවා. හොදයි කියල හිතෙන එකක් download කරගන්න.

1. SLT Usage Meter

මුලින්ම දෙන්න හදන්නේ SLT connection එකක් කියන අයට internet usage එක බලාගන්න ලේසි විදිහක්. මේක addon එකක් browser එකට install කරගත්තම ලේසියෙන් usage එක බලන්න පුළුවන්.

Download For Chrome Browser

Download For Firefox Browser

2. NetWorx

මේ software එක මගින් අපේ අන්තර්ජාල භාවිතය track කරලා අපි download  හා upload කිරීමට වැය කරන mb ප්‍රමාණය පිලිබදව දැනගන්න පුළුවන්. එනම් ඔබට කැමති පරිදි දිනපතා, සතිපතා හෝ මාස්පතා භාවිතා වන mb ප්‍රමාණය දැනගන්න පුළුවන්. ඒ වගේම on/off peek usage එකත් දැනගන්න පුළුවන්. ඕනනම් portable software එකක් විදිහටත් use කරන්න පුළුවන්.

NetWorx

Download Networx

3. Bit Meter 2

මේකත් networx software එක වගේ තමයි. ඊට අමතරව මේකේ desktop widget meter graph එකක් තියනවා එමගින් download upload speed එක දැනගන්න පුළුවන්. ඒ වගේම bandwidth එක ගැනත් තොරතුරු දැනගන්න පුළුවන්.

BitMeter 2

Download BitMeter 2

4. Net Speed Motitor

මේ software එකෙනුත් එදිනෙදා usage එක දැනගන්න පුළුවන්. ඒ අතරම අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියන software මොනවද කියලත් දැනගන්න පුළුවන්.

NetSpeedMonitor

Download Net Speed Motitor

5. Cucusoft Net Guard

Clan user interface එකක් තියන software එකක් කිවොත් නිවැරදියි. මේකෙනුත් කැමති විදියට usage එක බලන්න පුළුවන්, ඒ වගේම අන්තර්ජාලයට සම්බන්ධ කරලා තියන software මොනවද කියලත් දැනගන්න පුළුවන්.

Cucusoft Net Guard

Download Cucusoft Net Guard

6. ISP Monitor

සැහැල්ලු software එකක්, දෛනෙකව හෝ මාසික usage එක බලන්න පුළුවන් මේකෙනුත්. අනිත් ඒවාට වඩා මෙහි වාසියක් වන්නේ remainders තියන්න පුළුවන් වීමයි.

ISP Monitor

Download ISP Monitor

7. Freemeter

මේකත් අනිත් ඒවා වගේ තමයි. නමුත් මේක install කරන්නේ නැතිව portable tool එකක් විදියට වුනත් භාවිතා කරන්න පුළුවන්.

Freemeter

Download Freemeter

Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook