Mirosoft සමාගම විසින් ගත්ත වැරදි පියවරක් ලෙස windows 8 හදුන්වන්න පුළුවන් කියලා බොහෝ තාක්ෂණික වාර්තාකරුවන් පවසනවා. ඔවුන් පවසන්නේ windows 8 වෙනුවට මිනිසුන් අවුරුදු 20 ක් තිස්සේ පුරුදු වී සිටි ආකාරයේ  desktop interface එකක් ලබාදුන්නානම්, එය භාවිතා කරන්නන්ට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බවයි.


Windows 10 Download කර ගැනීමට පහලට යන්න.

දැන් microsoft සමාගම සැරසෙන්නේ windows 8 වල තිබුණු දුර්වලතාවයන් මගහරවාගෙන අලුත් මෙහෙයුම් පද්ධතියක් තම පාරිභෝගිකයා හට ලබා දීමටයි. එම මෙහෙයුම් පද්ධතිය windows 10 නමින් හදුන්වයි. මෙම නව මෙහෙයුම් පද්ධතිය PC වල, tablet වල හා smartphone වල විවිධාකාරයෙන් දිස් වෙන interface සමග ගොඩනැගීමට බලාපොරොත්තු වෙයි. Desktop පරිගණක වල interface එක අපිට පුරුදු windows 7 වල interface එකට සමාන වෙන අතරම windows 8 වල යම් යම් ගුණාංග ද එයට ඇතුලත් කරනු ඇතැයි, මෙම වාර්තාකරුවන් පවසයි.




හොදයි, අපි එහෙනම් දැන් බලමු windows 10 මේ කියන තරම්ම හොද වෙන්න මොනවද හේතු කියලා.

1. Start button

භාවිතාකරන්නට අවශ්‍යම දෙයක් වන start button එක නැවතත් windows 10 වලට ඇතුලත් කර තිබේ. එය අවශ්‍යම දෙයක් වන්නේ අවූරුදු ගණනාවක්ම ඔවුන් එයට පුරුදු වී තිබීමයි. windows 8 වල මෙම start button එක ඇතුලත් නොවීය.
ඊට අමතරව මෙම start menu එකට windows 8 වල මෙන් app tiles එකතු කිරීමට පහසුකම් සලසා තියනවා.

 Windows 10 Preview: 6 Features You'll Want

2. Desktop

windows 8 මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකයක් ක්‍රියාත්මක කළ විට පළමුව පිවිසෙන්නේ start menu එකටය. එනිසා Windows 8 මෙහෙයුම් පද්ධතියේ interface එක tablet සදහා නම් ගොඩක් ප්‍රයෝජනවත් විය.
කෙසේවෙතත් windows 10 හිදී සුපුරුදු පරිදි පළමුව පිවිසෙන්නේ desktop එකටය.

 Windows 10 desktop

3. Continuum mode

microsoft සමාගම විසින් start menu එක සම්පුර්ණයෙන්ම ඉවත් කරලා නෑ, 2-in-1 laptop-tablet පරිශීලකයින් සදහා මෙම start menu එක ලබා දී තිබෙනවා.
මෙම start menu එක වැඩ කරන්නේ අපි භාවිතා කරන උපාංගය මත. එනම්, අපි Surface Pro 3 එකක් භාවිතා කරන විට  windows 10, tablet mode එකෙන් තමා වැඩ කරන්නේ. Desktop පරිගණකයක් භාවිතා කරන විට එය desktop mode එකෙන් තමා වැඩ කරන්නේ. එවැනි පහසුකමක් පරිශීලකයින්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.

 Windows 10

4. Windows apps

Windows 8 එක්ක තමා microsoft ආයතනය මෙම windows apps හදුන්වාදුන්නේ. නමුත් අපිට ඒවා භාවිතා කරන්න පුළුවන් වුනේ windows 8 start screen එකේදී පමණයි. Windows 10 වලදී එය සම්පුර්ණයෙන්ම වෙනස් කර තිබෙනවා. එනම් අපිට එම windows apps desktop එකේදී වුවත් භාවිතා කරන්න පුළුවන්. ඒ අතරම windows 8 වලදී මෙන් app open වීමට සම්පුර්ණ screen එකම භාවිතා කරන්නේ නෑ. සාමාන්‍ය window size එකෙන් තමා open වෙන්නේ.

 image

5. Snap your apps

Windows 8 වල තිබුණු Snap feature එක windows 10 වලටත් ඇතුලත් කරලා තිබෙනවා. එනම් වැඩසටහන් කියපයක් සමහ එකම වෙලාවේ වැඩ කරන විට screen එක බෙදාගෙන වැඩ කිරීමට හැකිවීමයි. කාර්යබහුල පරිශීලකයින් හට එය ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

 Windows 8 apps on Windows 10 desktop

6. Task view

Windows 10 වල task view එක apple OS X වල mission control feature එකට සමාන වෙන විදිහට තමා නිර්මාණය කරලා තියෙන්නේ. එනම් මෙහිදී අපිට desktops වැඩි ප්‍රමාණයක් open කරගන්න පුළුවන්.
එහිදී, අප mouse pointer එක desktop එක හරහා චලනය කරන විට දැනට open කර ඇති desktop වල ධාවන වෙමින් පවතින වැඩසටහන් මොනවාදැයි පරික්ෂා කළ හැකිය. සෑම desktop එකක් වෙතම පිවිස පරික්ෂා කිරීමට අවශ්‍ය වන්නේ නැත.

Windows 10 Task view



Microsoft සමාගම තමන් හදුන්වා දුන් windows 8 මෙහෙයුම් පද්ධතිය තමන්ටම හිසරදයක් උනා යැයි කිවොත් නිවැරදිය. එනිසා ඔවුන් windows 10 මගින් කලින් සිදු වූ අඩුපාඩුකම් මගහරවාගෙන පරිශීලකයාට වඩාත් සමීප විය හැකි මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. නමුත් මෙම නව මෙහෙයුම් පද්ධතිය නිම කිරීමට තව කාලයක් ගතවෙයි. කෙසේනමුත් අපි දැනට මේ දැකපු දේවල් වලින් තේරෙන්නේ microsoft ආයතනය නැවතත් හරි track එකේ යන බවයි.

Download Windows 10 Technical Preview

English 64-bit (x64)



English 32-bit (x86)


Product key: NKJFK-GPHP7-G8C3J-P6JXR-HQRJR



Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook