A Guide To The Next iPhone   

                    ලොව හොදම smartphone එක ලෙස සැලකෙන Apple iPhone මෙවර අලුත්ම model දෙකකින් වෙළදපොළට නිකුත් වී තිබේ. Apple සමාගම මෙවැනි දෙයක් කරනු ලැබුවේ ප්‍රථම වරටය. එකක් උසස් ගුණාංග සහිත iPhone 5S ය. අනෙක කලින්ට වඩා උසස් ගුණාංග ඇතත් 5S ට වඩා අඩු ගුණාංග ඇති iPhone 5C වේ.


                    Apple iPhone 5C මිලෙන් අඩුය. එහෙත් එහි මෝස්තරය අමුතුය. iPhone 5C මෝස්තරයේ පිටුපස plastic ආවරණයක් තිබේ. එය රතු, තැබිලි, කහ, නිල්, ලා කොළ යන වර්ණ අතරින් එකකින් ලබා ගත හැක. එසේම එම කවරයේ වර්ණයට අනුව iPhone display එකෙහි ස්වභාවය හෙවත් themes වෙනස් කර ගන්න පුළුවන්. එවැනි විශේෂාංගයක් (feature) apple iPhoneයකට මෙතෙක් කිසිදාක එක කර නැත. 

                   iPhone 5S model එක, 16GB, 32GB සහ 64GB යන මතක ධාරිතා ඇති ඒවා වශයෙන් උප මාදිලි (model) තුනකි. මෙම මතකය වැඩි වන තරමට ඒවායේ මිල ගණන්ද වැඩි වේ. iPhone 5C model එක, 16GB සහ 32GB යන මතක ධාරිතා ඇති ඒවා වශයෙන් උප මාදිලි දෙකක් ඉදිරිපත් කොට ඇත. ඒ අනුව iPhone 5 වෙළදපොළට විත් තිබෙන්නේ මාදිලි පහක දුරකතන රැගෙනය. 



                   iPhone 5Sහි අලුත් තාක්ෂණය නම් එයට ඇගිලි සලකුණු ආරක්ෂණ ක්‍රමවේදයක් (fingerprint authentication system) තිබීමය. එනම් තමන්ගේ ඇගිලි සලකුණ යොදා iPhoneය lock කිරීමට හැකිවීමයි. අදවනවිට මෙවැනි ඇගිලි සලකුණු ආරක්ෂණ ක්‍රමවේදයක් ඇති එකම smartphoneය iPhoneයයි. 

                   අලුත් iPhoneයේ තිබෙන අනිත් විශේෂ ලක්ෂණය වන්නේ එහි processorයයි. Apple A7 ලෙස නම් කොට තිබෙන මෙය 64 bit processorයකි. මෙවැනි වෙනත් smartphone එකක් අද වෙළද පොළේ නැත. අනෙකුත් වර්ගයේ smartphone භාවිතා කරනුයේ ARM වර්ගයේ 32 bit processors වෙයි. 32 bit chip නිර්මාණ ක්‍රමවේදයට අනුව එකවර බිලියන 4.3ක ක්‍රියාවලි සංඛ්‍යාවක් හැසිරවිය හැකිය. එනම් එය 4GB ram මතකයක් උපදවයි. 64 bit chip නිර්මාණ මීට වඩා අති දැවැන්ත ක්‍රියාවලි සංඛ්‍යාවක් හැසිරවිය හැක්කකි. එය ට්‍රිලියන 18,400,000 කි. එනම් කෝටි 1600GB වේ. සැබවින්ම මෙතරම් ram මතකයක් ක්‍රියාවේ යෙදවිය හැකි අලුත් iPhone යේ සෙසු අංග දියුණු කොට නැත. එහෙත් එය කලින් එකට වඩා ඉතා වේගවත්ය.

                   මේ සමග අලුත් iPhoneයට තවත් අංග ගණනාවක් එක් කොට තිබේ. එහි photo ගැනීමේ හැකියාව හැම අතින්ම දියුණු කොට ඇත. අඩු ආලෝක තත්වය යටතේ වුවත් පැහැදිලිව photo ලබා ගත හැකි සේ එහි ආලෝක සංවේදී උපාංග 15% කින් බල සම්පන්න කොට ඇත. LED flash light දෙකක් යොදා එම උපාංගය බලවත් කොට තිබේ. ලබා ගන්නා photos ඉතා පැහැදිලි කිරීම ඉබේම (automatic image stabilization) කෙරේ. තප්පරයට රාමු 120ක (120 frames per second) වේගයෙන් video කළ හැකිය. එහෙත් කැමරා කාචය කලින් තිබුණා මෙන් 8 megapixel වේ..


Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook