Motherboard එකෙන් සාමාන්‍යයෙන් ලබා ගත හැකි සේවාවන්ට වඩා අමතර සේවාවන් ලබා ගැනීමට නම් විවිධ card වර්ග ඊට සම්බන්ධ කළ යුතුය. මෙවැනි card වර්ග පොදුවේ expansion card ලෙස හදුන්වයි. මේවා සම්බන්ධ කරන්නේ expansion slot වලටයි. Motherboard එක තුළ ඇති විවිධ expansion slot වල විස්තර මෙසේය.

1. 8 bit ISA Slot


          මුලින්ම හදුන්වා දුන් slot එකක් ලෙස 8 bit ISA (Industry Standard Architecture) slot එක හැදින්විය හැකිය. මුල් කාලයේ සියලුම card වර්ග පාහේ සවි කරන ලද්දේ මෙම 8 bit ISA slot එක උපයෝගී කරගෙනයි. එම card වර්ග 8 bit ISA card ලෙස හදුන්වයි.
ISA Slots


2. 16 bit ISA Slot


           8 bit ISA slot වලට පසුව මෙම 16 bit ISA slot හදුන්වාදෙන ලදි. මෙම slot එක සදහා 8 bit ISA card මෙන්ම 16 bit ISA card වර්ග සම්බන්ධ කළ හැකිය. මෙම 16 bit ISA slot එක මෑතක් වන තුරුම සමහර motherboard වල දක්නට ලැබිණ.


3. 32 bit ISA Slot 


          මෙම slot එක දිගින් වැඩිවීමත්, මෙය හදුන්වා දී වැඩි කාලයක් ගතවීමට මත්තෙන් PCI slot හදුන්වාදීමත් නිසා මේවා වැඩි කලක් භාවිතයේ තිබුණේ නැත. මේ නිසාම 32 bit ISA card වර්ග එතරම් නිපදවූයේ නැත. එහෙත් 32 bit ISA card වර්ග වලට අමතරව 16 bit ISA card වර්ග හා 8 bit ISA card වර්ග මෙම slot එක සදහා සම්බන්ධ කළ හැකි විය.


4. PCI Slot


          ISA slot වෙනුවට දැන් පරිගණක motherboard වල භාවිතා වන්නේ PCI slots වේ. මේවා 1993 පමණ සිට motherboard සමග එයි. මේවා සදහා PCI sound card, PCI network card, PCI VGA card, PCI TV/Radio card වැනි සියලුම PCI card වර්ග සම්බන්ධ කළ හැකිය. මෙය 32 bit slot එකකි. එහෙත් ප්‍රමාණයෙන් 16 bit ISA slot එකට වඩා කුඩාය.

          Motherboard එකක් මත PCI slot වැඩි වශයෙන් තිබීම වාසිදායක වෙයි. එවිට අවශ්‍යතාවය අනුව විවිධ card වර්ග ගණනාවක් එම පරිගණකයට සවි කරගත හැකිය. එහෙත් motherboard එකෙහිම sound, network වැනි card වර්ග අඩංගු කර ඇත්නම් PCI slot තුනක් පමණක් තිබීම ප්‍රමාණවත් වෙයි.
PCI  Slots

5. Graphic Slot


          මුල් කාලයේ පරිගණක වල graphic card එක සවි කළේද PCI slot එකටමයි. මේ සදහා PCI වර්ගයේ graphic card එකක් භාවිතා කරන ලදී. නමුත් graphic card වල හැකියාවන් වැඩි දියුණු කිරීමත් සමගම PCI slot එකෙහි ධාරිතාව හා වේගය, graphic card එක සදහා ප්‍රමාණවත් නොවීය. මේ නිසා PCI slot එකටම graphic card එකක් සවි කිරීම වෙනුවට, වෙනමම graphic card slot එකක් motherboard එකට හදුන්වාදෙනු ලැබීය. එවිට එම graphic slot එක සදහා නිපැයූ graphic card ඊට සම්බන්ධ කළ හැකිය. මෙසේ තිබෙන විවිධ graphic slot වල විස්තර මෙසේය.


AGP Port :
          AGP port එක මුල් වරට 1996 හදුන්වා දෙනු ලැබුවේ AGP 1X ලෙසටය. මෙහි වොල්ටීයතාවය 3.3 හා 1.5 යන අගයන්ගෙන් යුත් සංස්කරණ දෙකක් නිකුත් විය. පසුව එය වැඩි දියුණු කරමින් 1996 වර්ෂයේම AGP 2X ලෙසට නිපදවූ AGP port එකෙහිද වෝල්ටීයතාවය 3.3 හා 1.5 යන අගයන්ගෙන් යුත් සංස්කරණ 2ක් නිකුත් විය. 1998 දී AGP 4X ලෙසට හදුන්වා දුන් slot එකෙහි වෝල්ටීයතාවය 1.5 විය. 2002 දී AGP 8X ලෙසට අවසන්වරට හදුන්වා දුන් AGP port එකෙහි වෝල්ටීයතාවය 1.5 ක් විය. මෙහිදී මෙම එක එක් slot සදහා ගැලපෙන ආකාරයට AGP වර්ගයේ graphic card ද වෙන වෙනම නිර්මාණය විය.
AGP Slot


PCI Express :
              මෙය PCIe හා PCI-E යන නම් වලින්ද හදුන්වයි. 2004 වර්ෂයෙන් පසුව ආ බොහෝ පරිගණක වල තිබෙන්නේ PCI Express slot වේ. PCI Express slot වර්ග දෙකකි. ඉන් බහුලව භාවිතා කරන වර්ගය PCI Express x16 ය. එහෙත් PCI Express x1 යන slot වර්ගයද ඇතැම් motherboard තුළ භාවිතා වෙයි.




6. CNR Slot

          මෙය කුඩා ප්‍රමාණයේ slot එකකි. ඇතැම් motherboard නිෂ්පාදකයින් පමණක්, තම motherboard සදහා ඇතුලත් කරන මෙම slot එකක් පමණක් motherboard එක මත තිබේ. මෙය දුබුරු පැහැතිය. PCI slot එකකට වඩා කුඩාය. මෙය පිහිටන්නේ PCI slot වලට සමාන්තරව ඒවා ඉදිරිපසිනි. CNR වර්ගයේ sound card, network card වැනි card වර්ග සම්බන්ධ කිරීම සදහා මෙය යොදා ගනී. මෙම වර්ගයේ card ද ප්‍රමාණයෙන් කුඩාය.
CNR Slot


7. AMR slot


        මෙයද කුඩා ප්‍රමාණයේ slot එකකි. ඇතැම් motherboard නිෂ්පාදකයින් පමණක්, තම motherboard එක සදහා මෙය ඇතුලත් කරයි. මේ වර්ගයේ slot එකක් පමණක් motherboard එක මත දැකගත හැකිය. මෙය තද දුබුරු පැහැයෙන්, PCI slot එකට වඩා කුඩාවට motherboard එක මත දැකගත හැකිය. CNR slot එක සමග මෙය වෙන්කර හදුනා ගන්නේ මෙහි මැදින් ඇති කට්ටය CNR slot එකට වඩා මැදට වෙන්නට නිර්මාණය කර තිබීම නිසාය. මේ සදහා AMR වර්ගයේ sound card හා modem card සම්බන්ධ කළ හැකිය.
AMR slot
Processor එකක් නිර්මාණය වී ඇති ආකාරය හා එහි ක්‍රියාකාරීත්වය ගැන දැනගන්න මෙතනින් යන්න.

Windows 7,8 වලට GTA 5 Themes, Skin Packs, Screen Savers, Wallpapers download කරගන්න මෙතනින් යන්න.   

Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook