FAT මාදිලියේ ඇති hard drive එකක් හෝ pen drive එකක් NTFS ආකාරයට පරිවර්තනය කිරීමට අවශ්‍ය වූ විට, එය format කර පරිවර්තනය කළ යුතුය. එමගින් එහි ඇති data නැති වේ. නමුත් මෙම ක්‍රමය මගින් එසේ data නැති වන්නේ නැත.


එසේ කිරීමට සිදුවන්නේ FAT ගොනු මාදිලිය පැරණි බව නිසා හා එයට විශාල ගොනු පාලනය කිරීමට නොහැකි බැවිනි. ඒම නිසා විශාල මතක ධාරිතා සහිත මතකයන් සදහා FAT ගොනු මාදිලිය සාමාන්‍යයෙන් යොදා නොගනී.


මෙම පරිවර්තනය සිදු කළ යුත්තේ command prompt එක තුළදීය.

1. පළමුව command prompt එක වෙත පිවිසිය යුතුය. ඒ සදහා windows key +  R යතුරු තද කර විවෘත වන run dialogue box එකෙහි cmd ලෙස type කර ok කරන්න. 

2. ඉන්පසු "convert drive_letter: /fs:ntfs" යන විධානය ලබාදෙන්න. මෙහි drive_letter යනු NTFS බවට පරිවර්තනය කළ යුතු drive එකෙහි අක්ෂරය වේ.


3. මෙම විධානය ලබා දුන් විට ටික වෙලාවකින් පරිවර්තනය සිදු වී අවසන් වෙයි. ඉන් පසු එම drive එකෙහි properties පරීක්ෂා කිරීම මගින් පරිවර්තනය සිදු වී ඇති බව දැක ගත හැකිය.

මෙම පරිවර්තනය පිලිබදව විස්තර ලබා ගැනීමට අවශ්‍යනම් cmd තුල "help convert" හෝ "convert /?" යන විධාන දෙකෙන් එකක් ලබා දිය යුතුය.

Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook