ඔයාල දන්නවද ඔයාලගේ computer එක use කරලා ඔයාලට පුළුවන් wordpress site එකක් හදන්න.එකට අපි කියන්නේ localhost එකක් කියල. ඉතින් අද මම ඔයාලට කියල දෙන්න හදන්නේ wordpress site එකක් wamp server එකක run කරන්නේ කොහොමද කියල. ඔක්කොටම කලින් ඔයාලට wamp server එක download කරන්න වෙන්ව එකට ඔයාල මෙන්න මේ site(go to site) එකට ගිහින් ඔයාලගේ machine එකට හරියන 32 bit හරි 64 bit Version එක download කරගන්න. හරි සමහර ය තවත් දන්නේ නැතුව ඇති මොකක්ද මේ wamp server එක කියන්නේ කියල එක හින්ද මම ඔක්කොටම කලින් ඔයාලට කියල දෙන්නම් wamp server එකක් කියන්නේ මොකක්ද කියල.




Wamp server එකක් යනු කුමක්ද?


Wampserver එකක් කියන්නේ Appahe web server,PHP සහ Mysql යන මේ තුනේම compiler එකක්. මේක run වෙන්නේ windows වල විතරයි. Mac os එකේ run කරන්න Mamp download කරගන්න ඕනේ.


W - Windows
A  - Appache
M - Mysql
P - PHP


wamp server එකක් නැතුව අපිට wordpress අපේ computer එකේ run බැ. කෙටියෙන්ම කියනවනම් wamp server එකෙන් කරන්නේ අපේ computer එක web site host කරන්න පුළුවන් විදියට හදන එකයි. එකට අපි කියන්නේ localhost කියල.web site එකක් launch කරන්න කරන්න කලින් web site developers ලා ඉස්සෙලාම web site හරියට run වෙනවද කියල බලන්නේ localhost එකක් run කරලා. මම හිතනවා ඔයාලට මම කියන දේ තේරෙන්න එති කියල නොතේරෙන දෙයක් තියෙනවනම් comment එකක් දල අහන්න.


Wamp server එක PC එකේ install කරගැනීම


හරි දැන් මම කියල දෙන්න හදන්නේ wamp server එක ඔයාලගේ pc එකේ install කරගන්නේ කොහොමද කියල.මම කියල තියෙන විදියටම උපදෙස් පිලිපදින්න.මම උඩ දීල තියෙන ලින්ක් එකෙන් ඉස්සෙලාම wamp server download කරගන්න.


download එක complete උනාට පස්සේ download වෙච්ච setup file එක run කරන්න.




install කරන අතරතුර ඔයාගෙන්  සමහරවිට ඔයාගේ default browser එක මොකක්ද කියල අහයි. ඒ වෙලාවට google chrome හරි firefox හරි දෙන්න.


launching wamp server


wamp server එක හරියට install උනාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ එක open කරන එක. wampserver open උනාට පස්සේ wampserver icon එක taskbar එකේ ඔයාලට දකින්න හම්බෙයි. ඊළගට ඒ icon එක click කරන්න දැන් ඔයාලට පහත රූපයේ දෙක්වෙන පරිදි   පොඩි window එකක් open වෙයි.


දැන් put online කියන එක click කරන්න. දැන් අපේ වැඩෙන් භාගයක්ම ඉවරයි දැන් අපිට ඊළගට කරන්න තියෙන්නේ අපේ wordpress site එකට database එකක් හදාගන්න එක.(මතක තියාගන්න අපි තවම wordpress download  කරේ නැ)


database එකක් හදාගන්න phpmyadmin click කරන්න. phpmyadmin එකෙන් කරන්නේ අපිට database එකත් එක්ක ගනුදෙනු කරන්න web based interface එකක් හදල දෙන එකයි.





phpmyadmin click කරට පස්සේ ඔයාගේ browser එකේ වෙනම පගේ එකක් open වෙයි.මෙතන ඉදන් තමයි  අපි අපේ database එක handle කරන්නේ.
ඊළගට open වෙච්ච window එකේ DATABASES කියන tab එක click කරන්න. එක click කරලා අපි අලුත් database එකක් හදාගමු.මෙතැනදී create database කියන තෙනට ඔය කෙමති නමක් දෙන්න මම මෙතනට දෙම්මේ test_db කියල.ඊටපස්සේ වෙන මොකුත්ම වෙනස් කරන්නේ නෙතිව create කියන button එක click කරන්න.





දැන් wordpress wamp එකේ install කරගනිමු.


දැන් ඉක්මනටම wordpress.org ගිහින් latest wordpress release එක download කරගන්න wordpress download වෙන්නේ zip file එකක් විදියට ඔයාල එක extract කරගෙන wamp install වෙච්ච තැන   www කියන folder එක ඇතුලේ paste කරන්න ඕනේ.ඔයාල c එකේ wamp install කරනම් folder එක paste කරන්න ඕනේ මෙන්න මෙතනයි.


C:\wamp\www\මෙතන wordpress folder එක copy paste කරන්න


wordpress ෆෝල්දෙර් එක ඔයාල කෙමති නමකින් rename කරගන්න පුළුවන්.


wordpress ආරම්භ කරමු


දැන් අපි අපේ wordpress site එක localhost එකේ run කරමු.
අපේ wordpress site එක open කරන්න පහත link එක browser එකේ copy paste කරන්න


http://localhost/wordpress


ඔයාල මේ ලින්ක් එකට ගියපුවාම මෙන්න මේ වගේ දෙයක් open වෙයි.



මේ message  එකෙන් කියන්නේ අපේ wordpress site එක database එකත් එක්ක සම්බන්ද වෙලා නැ  කියල එක හින්ද අපි අපේ site එක අපි කලින් හදපු database  එකත් එක්ක සම්බන්ද කරන්න ඕනේ.එකට කරන්න තියෙන්නේ පොඩි දෙයයි.


create a config file කියන button එක click කරන්න. ඊට පස්සේ වෙනම page එකක් open වෙයි අපි මතනින් තමයි අපි කලින් හදපු database එක අපේ wordpress site එකට සම්බන්ද කරන්නේ. මම මගේ database එක නම් කරේ test_db විදියට මම එක හින්ද මෙතන database name කියන එකට test_db කියල දෙනවා. username එක root කියල දෙන්න, password එක හිස් තියන්න, පහත රූපයේ දැක්වෙන පරිදි අනිත් ඒවත් සකසා ගන්න.






මේවා ෆිල්ල් කරට පස්සේ සුබ්මිට් button එක click කරන්න ඊට පස්සේ message එකක් එයි ඔයාගේ site එක successfully configure කරගත්ත කියල. දැන් Run the Install කියන එක click කරන්න..ok...දැන් අපේ වේදේ 99% ක්ම ඉවරි සන් තියෙන්නේ ඔයාට කෙමති site title එකක් දීල ඔයාගේ site එකට admin username password එකක් දාන්න ඊට පස්සේ install wordpress click කරන්න.





දැන් අපේ වැඩේ සාර්ථකව නිම කර දැන් ඔයාලට තියෙන්නේ ඔයාගෙම කියල wordpress site එකක් හදාගන්න එක. මේ පිලිබදව ලගදීම තවත් පොස්ට් එකක් මම දැන්නම්..


good luck !!!


Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook