Web browser එකට සම්බන්ධ වී ක්‍රියාත්මක වන නොයෙකුත් වර්ගයේ malware වැඩසටහන් දැන් පැතිරෙමින් තිබේ. Browser hijacker කියා හදුන්වන්නේ මේවායි. නොමිලේ දෙන පරිගණක ක්‍රීඩා සහ ඇතැම් software download කරන විට හෝ update කරන විට මෙම browser hijacker වැඩසටහන් web browser එක සමග බැදේ.

මේවා web browser එකට සම්බන්ධ වූ විට, අප search කරන දේවල් සොයන්නට විවෘත වෙන්නේ අපි කවදාවත් බාවිතා කළ සුපුරුදු search engine එකෙන් නොව malware වෙතින් සපයන අමුතු නම් ඇති web පිටුවකි. මේවා පෙනුම අතින් උසස් වැඩසටහන් දෙන ඒවා මෙනි. එවිට ඉන් search කරන්නට නිතැතින්ම පෙළබේ. මෙසේ මෙම search engine එක භාවිතා කර යම් දෙයක් සොයා ගත් විට ඊට සම්බන්ධ මාතෘකා දැක්වෙන විවිධ දැන්වීම් එයි. එමෙන්ම අලුත් ටූල් බාර් එකක්ද web browser එක මත පෙන්වයි.


මෙම malware ඇති web browser එකක් හරහා අන්තර්ජාලයෙන් අප සොයා බලන දේ ගැන තොරතුරු malware නිපදවුවන්ට ලබා දෙයි. මෙවැනි browser hijacker  වැඩසටහන් anti virus වැඩසටහන් වලට පවා සමහරවිට හසු නොවේ. එසේම වෙනත් browser plugin වැඩසටහන් මෙන් uninstall කිරීමටත් සමහර විට නොහැකි වේ. එනිසා මේවා පරිගණකයෙන් ඉවත් කළ යුත්තේ අප විසින්මය.

මේවා ඉවත් කිරීමට මුලින්ම web browser එකේ options වෙත පිවිසිය යුතුය. දැන් එහි ඇති home page ටැබ් එක තුලින් home page එක ලෙස www.google.lk වැනි සාමාන්‍ය search engine එකක් ලබා දිය යුතුය. එමෙන්ම web browser එක තුල url සටහන්ව ඇති තැන් සොයා ඒ තැන්වල ඇති අප නොදන්නා url මකා ඉවත් කළ යුතුය. එමෙන්ම add-ons තුලින් තේරී ඇති plugin අතරින් ටුල් බාර් plugin සියල්ල ඉවත් කළ යුතුය.


දැන් malware එක නැවත activate වීම නතර කළ යුතුය. 

1. මෙය කිරීමට windows key + R යතුරු ඔබන්න. 
2. ඉන් පසුව run ඩයලොග් box එක විවෘත වේ. එහි "msconfig" ලෙස type කර ok කරන්න. 
3. මෙවිට msconfig box එක විවෘත වෙයි. එහි ඇති start up ටැග් එක select කරන්න. 

මෙහෙයුම් පද්ධතියට ප්‍රවේශ වූ විට ඉබේම ක්‍රියාත්මක වන සියලු file මේ තුල පෙන්වයි. ඒවා අතරින් නිශ්චිතව හදුනා ගත නොහැකි වැඩසටහන් තෝරා disable කළ යුතුය. 

Windows 8 හිදී නම් start up ටැග් එක select කළ පසුව task manager වෙත යොමු වෙයි. ඒ තුලින් අනවශ්‍ය වැඩසටහන් disable කළ යුතුය.


මීලගට command prompt එකට පිවිසිය යුතුය. මේ සදහා පෙර පරිදිම windows key + R යතුරු ඔබන්න. ඉන් පසු cmd ලෙස type කර ok කරන්න. දැන් command prompt එක වෙතට පිවිසෙයි.

1. මුලින්ම ඒ තුල "del %temp%\*.exe /s /q" යන විධානය ලබාදෙන්න. එවිට temp folder එක තුල ඇති සියලු exe file මැකී යයි. එවැනි file නැත්තම් ඒ බව කියන පණිවිඩයක් පෙන්වයි. සාමාන්‍යයෙන් මෙතන වැදගත් exe file නැති බැවින් දෝෂයක් ඇති වන්නේ නැත.

2. ඉන් පසු කලින් විධානය දුන් ලෙසම "del %temp%\*.dll /s /q" යන විධානය ලබාදී temp folder එක තුල ඇති සියලු dll file ද මකා දැමිය යුතුය. එවැනි file නැත්තම් ඒ බව කියන පණිවිඩයක් පෙන්වයි.


දැන් පරිගණකය restart කරන්න. එවිට සියලු malware ඉවත්ව තිබෙනු පෙනේවි. 

ඔබට වැදගත් තවත් ලිපි:


Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook