පද්ධතියක් යනු එකිනෙක අතර අන්තර්ක්‍රියාකාරිත්වයකින් යුතුව හැසිරෙන යම් නිශ්චිත අරමුණක් ඉටු කරගැනීම සදහා ක්‍රියාකරන්නා වූ සංරචක(element) සමුහයක එකතුවක් ලෙස සරලව හැදින්විය හැකිය. පද්ධතියක් තුල ස්වාධීනව ක්‍රියා කරනු ලබන තවත් අනුපද්ධති ගණනාවක් තිබිය හැකිය. ස්වාධීනව ක්‍රියා කරනු ලබන නමුත් මෙම අනුපද්ධතිද අනෙකුත් අනුපද්ධති සමගද අන්තර්ක්‍රියාකරමින් සමස්ථ පද්ධතියෙහි පොදු අරමුණ ඉටු කර ගැනීම සදහා දායකත්වය සපයයි.





පද්ධතියක ආකෘතියක් 


පද්ධති විවිධ ආකාරයට වර්ගීකරණය කරනු ලබයි. ස්වභාවිකව නිර්මාණය වූ පද්ධති මෙන්ම මිනිසා විසින් විවිධ අරමුණු ඉටු කර ගැනීම සදහා නිර්මාණය කරනු ලැබූ පද්ධතිද ඇත.

1. තොරතුරු පද්ධති [Information System]


යම් ආයතනයක තොරතුරු කළමනාකරණය කිරීම සදහා එක්ව ක්‍රියාකරන මිනිසුන්, සම්පත් හා උපදෙස් සමූහයක්(set of rules) මෙන්ම ඒ වෙනුවෙන් භාවිත කරන දෘඩාංග(hardware) හා මෘදුකාංග(software) ඇතුලත් සංරචක සමූහයක එකතුවක් තොරතුරු පද්ධතියක් වෙයි. මෙවැනි තොරතුරු පද්ධතියක් විවිධ ව්‍යාපාරික දත්ත ආදානය(input) කරගෙන තොරතුරු ප්‍රතිධානය කරයි.


2. කාර්යාලීය ස්වයංකරණ පද්ධති [ Office automation system]


ආයතනයක සේවකයින් අතර තොරතුරු හා වෙනත් සන්නිවේදන සේවාවන් බෙදාගැනීම සදහා මෙන්ම විද්‍යුත් පණිවිඩ, විවිධ ප්‍රලේඛණ[documents], කාර්යාලීය වෙනත් සන්නිවේදන ක්‍රම එකතු කරමින්, සැකසුම් කරමින්, ගබඩා කරමින්, හා හුවමාරු කරමින් කටයුතු කරන්න වූ පරිගණක පාදක තොරතුරු පද්ධතියකි.


3. ගණුදෙනු සැකසුම් පද්ධති [Transaction processing system]


තොරතුරු තාක්ෂණයේදී ගණුදෙනුවක් ලෙස සලකනු ලබන්නේ යම් පද්ධතියක් සමග අභ්‍යන්තරිකව හෝ බහිරව හුවමාරු වන වැඩ ඒකකයකි. නිදසුනක් ලෙස එදිනෙදා බැංකු කටයුතු වලදී සිදු කරනු ලබන මුදල් තැම්පත් කිරීම්, නැවත ලබා ගැනීම් හෝ ගිණුමකින් ගිණුමකට මුදල් හුවමාරුව අදිය හැදින්විය හැකිය.

                ගණුදෙනු සකස්කිරීමක් යනු තොරතුරු සකස් කිරීමක්ම වන අතර, මෙහිදී තොරතුරු තනි තනි එකක වලට බෙදා එකිනෙකට නොපෙනෙන ලෙස සිදුකිරීමක් වෙයි. ගණුදෙනුවක් සකස්කිරීමේදී අනිවාර්යය වනුයේ එක් ගණුදෙනුවක් සම්පුර්ණයෙන්ම සිදු වීම හෝ සම්පුර්ණයෙන්ම සිදු නොවීම කල යුතු වීමයි. ගණුදෙනුවක් අතරමග අවස්ථාවක නතර වීම, එම ගනුදෙනුවට සම්බන්ධ වන පාර්ශවයන්ට විශාල ගටලු ඇති වන අවස්ථා නිර්මාණය කරයි.
           ඉහත ආකාරයේ ගැටළු වලක්වා ගැනීම සදහා ගණුදෙනු සැකසුම් පද්ධති සුවිශේෂී ක්‍රියාකාරකම් වලින් යුක්තව ගොඩනාග ඇත. එය ACID නම් වේ.  

     A => පරමාණුකතාවය [Atomicity]

                    මෙහිදී ගණුදෙනුවක් සකස් කිරීමේදී එය සම්පුර්ණයෙන්ම සිදු වීම හෝ සම්පුර්ණයෙන්ම සිදු නොවීම වග බලා ගනී.

     C => සංස්ථිතික බව [Consistency]

                    මෙහිදී ගණුදෙනුවක නිවරද්‍යබාවය තහවුරු කරයි. නිවරද්‍යබාවය රැක ගැනීම සදහා එක් ගණුදෙනුවක් කුඩා කොටස් වලට බෙදා සිදුකරනු ලබයි.

     I => හුදකලා බව [Isolation] 

                     ගණුදෙනු සිදුකිරීම එකම අවස්ථාවක සිදු වුවත්, එක් එක් ගණුදෙනුව සිදුවනුයේ කිසියම් ගණුදෙනුවකට පෙර හෝ පසුවය. එනිසා ගණුදෙනු දෙකක් එකම වෙලාවේ සිදු නොවීම මෙමගින් වග බලා ගනී.

     D => කල්පැවැත්ම [Durability]

                     එක් ගණුදෙනුවක් සාර්ථකව අවසන් වූ පසු එය නැවත ඇණහිටීමේ ක්‍රියාවලියක් සිදු නොවීමට වගබලා ගනී.   

4. කළමනාකරණ තොරතුරු පද්ධති [Management information system]


යම් ආයතනයක තොරතුරු කාර්යක්ෂමව හා වඩාත් ප්‍රතිඑලදායි ලෙස හැසිරවීමට මෙම පද්ධතිය උපකාරී වේ. විශේෂයෙන් ව්‍යාපාරික ගැටලු විසදීම සදහා මෙවැනි තොරතුරු පද්ධති භාවිතා කරයි. තවද ලබාගන්නා තොරතුරු මගින් තීරණ ගැනීම සදහා තොරතුරු ආයතනයේ විවිධ අංශ වලට යොමු කරයි.


5. තීරණ සහායක පද්ධති [Decision support system]


තීරණ සහායක පද්ධති යනු කළමණාකාරීත්වයට ව්‍යාපාරය සම්බන්ධයෙන් යම් සුවිශේෂී තීරණ ගැනීමේදී උපකාරී කල හැකි ලෙස සකස් කර ඇති සුවිශේෂී තොරතුරු පද්ධති වර්ගයකි.


6. විධායක සහායක පද්ධති [Executive support system]


කිසියම් සංවිධානයක දත්ත එලදායී ලෙස සාරාංශ ගත කිරීම සදහා ඉඩ ලබාදෙන පද්ධතියකි. මෙම වාර්තා සාමාන්‍යයෙන් විධායක මට්ටමේ පාලකයින් විසින් ඉක්මන් පරිශීලනය උදෙසා ලබා ගනී. මීට අමතරව මෙම පද්ධති යම් ව්‍යාපාරික ක්‍රියාදාමයන් එකතු කර අනාගත ප්‍රතිඑල පිළිබදව අදහස් ලබා ගැනීමට උපකරී වේ.


7. දැනුම් කළමනාකරණ පද්ධති [Knowledge management system]


ආයතනයක් තුල භාවිතා වන විවිධ පරාසයන්හි ක්‍රියාකාරකම් හදුනා ගැනීම, නිර්මාණ එලි දැක්වීම, බෙදාහැරීම හා එම තොරතුරු විවිධ අවශ්‍යතාවයන් යොදා ගැනීම මෙහිදී සිදු වෙයි. වෙනත් විදිහකින් කිවහොත් දැනුම් කළමණාකරන පද්ධතියක ආයතනය සම්බන්ධයෙන් ඇති විවිධ වූ දැනුම් සම්බාරයන් ගබඩා කිරීමත් එමගින් තීරණ ගැනීමත් සිදු වෙයි.


8. අන්තර්ගත කළමනාකරණ පද්ධති [Content management system]


මෙවැනි පද්ධති නිතර භාවිත වන්නේ කර්මාන්ත සදහා අවශ්‍ය ප්‍රලේඛණ(documents) ගබඩා කිරීම, පාලනය කිරීම, අනුවාද සැකසීම හා ප්‍රකාශනයට පත්කිරීමටය.


9. ප්‍රවීණ පද්ධති [Expert system]


ප්‍රවීණ පද්ධති මගින් කිසියම් විෂය පථයක විශේෂඥයකුගේ දැනුම අන්තර්ගත කිරීමෙන් නිර්මාණය කර ඇත. මේ සදහා කෘතීම බුද්ධිය ආධාර කර ගනු ලබයි. ප්‍රවීණ පද්ධති මිනිසෙකු සතු තීරණ ගැනීමේ හැකියාව පෙන්නුම් කරන අතර තර්කනුකුලව සංකීර්ණ ගැටලු සදහා විසදුම් සෙවීමට භාවිත කරනු ලබයි.


10. මිහිත පද්ධති [Embedded system]


පරිපුර්ණ වූ උපකරණයක කොටසක් ලෙස සකස් කර එයට සම්බන්ධ කර ඇති පද්ධතියකි. මෙවැනි පද්ධති තනි හෝ ඉතාමත් සුවිශේෂී වූ කාර්යන් සදහාම කැපවී ඇති පද්ධති වෙයි.         



Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook