මම අද ඔයාලට කියන්න යන්නේ ඔයාලගේ කියල wordpress site එකක් host කරන්නේ කොහොමද කියල.මම මේක ඉතා සරල සිංහලෙන් ඔයාලට කියල දෙන්නම්.ඊට කලින් මම කියනම් මම කරන්න යන වැඩ ටික පිළිවලින්. එතකොට ඔයාලට මම කරන්න යන දේ ගැන දළ අදහසක් ගන්න පුළුවන්.


wordpress download කරගැනීම.

Sub domain එකක් සහිත free web hosting site එකක් තෝරා ගැනීම.

තෝරාගත් web hosting site එකේ wordpress install කර ගැනීම.

site එක කැමති විදිහට customized කරගැනීම.

ඉහත අකාරය  කොටස් වශයෙන් මම කරන්න යනේ දේ ඔයාලට පැහැදිලි කරන්නම්. එතකොට wordpress ගැන පොඩි හෝ දැනුමක් නැති කට්ටියට උනත් මේකෙන් තමන්ටම කියල site එකක් හදාගන්න පුළුවන්.

1.Wordpress download කරගැනීම.


wordpress කියන්නේ CMS එකක් එකියන්නේ Content Management  System එකක්.මම ඉස්සෙලාම පැහැදිලි කරලා ඉන්නම් ඇයි දැන් අපි Wordpress පාවිච්චි කරන්නේ කියල. ඇත්තම කිව්වොත් මේක තමයි අද ලෝකයේ ගොඩාක් දෙනෙක් පාවිච්චි කරන System එක. මේක හරියට සැකිල්ලක් වගේ. අපි කරන්නේ මේ සැකිල්ල අපි කැමති විදිහට හදාගන්න එක.මම ගොඩක් වෙලා wordpress කියන්නේ මොකක්ද කියල පැහැදිලි කරන්න යන්නේ නැ.ඔයාලට ඒ ගැන ගොඩක් තොරතුරු දැනගන්න ඕනෙනම් comment එකක් දල කියන්න. මම අයෙ article එකක් ලියන්නම් මොකක්ද මේ wordpress සහ මේක හැදිලි තියෙන්නේ කොහොමද කියල.

ok දැන් අපි අපේ වැඩේට බහිමු. ඉස්සෙලාම Wordpress site එකට ගිහින් wordpress download කරගන්න.

මෙන්න මෙතනින් download කරගන්න.

ඔතන site එකේ download ZIP කියල තියෙනව.ඔතනින් ඔයාල download කරගන්න.(අවශ්‍යනම් රුපය බලන්න)



2.Download කරගත්ත ZIP එක UNZIP කරගන්න.

දැන් ඔයාල download කරගත්ත wordpress ZIP file එක UNZIP කරගන්න. ඔයාලට මේකට WINRAR වගේ software එකක් පාවිච්චි කරගන්න පුළුවන්.

3.Sub domain එකක් එක්ක hosting site එකක් හොයාගමු.


දැන් අපි කරන්න යන්නේ අපි හදන්න යන wordpress site එකට subdomain එකක් ගන්න එක.ඔයාලට .com .lk වගේ domain එකක් ගන්නනම් සල්ලි ගෙවල ගන්න වෙන්ව. එතැනදී වෙන්නෙත් මේ වගේ දෙයක්ම තමයි. ඒවුනත් අද අපි සල්ලි දීල domain name එකක් ගන්නේ නැ.නෙට් එකේ ඕනේ තරම් free hosting තියෙනව.අපි ඒ free hosting site එකක sub domain එකක් අරගෙන register වෙමු.

මම subdomain එකක් ගන්න පාවිච්චි කරේ මෙන්න මේ freewebhostingarea කියන site එක.දැන් මම මෙතන ඉදල කියල දෙන දේවල් පියවරෙන් පියවර අනුගමනය කරන්න. ඕනෙනම් පින්තුර බලන්න.

freewebhostingarea එකට මෙතනින් යන්න.

Free subdomain hosting කියන එකට යටින් ඔය කැමති නමක් ඔයාගේ site එකට දීල subdomain server එක කැමති එකක් තෝරන්න. මම ගත්තේ europe (ueuo) කියන එක.


දැන් ඔයාල දුන්න site එකේ නම මීට කලින් කවුරුත් අරන් නැත්නම් message එකක් open වෙයි available කියල.ඊට පස්සේ ඔයාලට ඔයාලගේ account information ෆිල් කරන්න එයි.ඒවාට නිවැරදි තොරතුරු ඇතුලත් කරන්න.
පහත රුපය වැඩි විස්තර සදහා බලන්න.




දැන් ඔයාල එකත් fill කරාට  පස්සේ welcome message එකක් එක්ක site එකක් open වෙයි.මෙතන ඔයාලගේ Account manager එකට යන ලින්ක් එකයි, එතනට ඕනේ username/password වගේ තොරතුරු ඇතුලත් වෙන්ව.ඔයාල ඒවා කොහේ හරි පරිස්සමට තියාගන්න.

දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ Account manager එකට යන ලින්ක් එක click කරන එකයි. පහත රූපයේ දැක්වෙන පරිදි ඔයාල ඔයාලට දීල තියෙන ලින්ක් එක click කරන්න.




දැන් මේ වගේ login form එකක් open වෙයි. මෙතනට ඔයාලට කලින් page එකේ දීල තියෙන username/password ඇතුල් කරන්න. 




දැන් ඔයාල ඔයාලගේ username/password දුන්නට පස්සේ account manager page එකට එක්කන් යයි.මෙතන දැන් අපි අපේ wordpress site එකට Database එකක් හදාගමු. පහත රූපයේ දැක්වෙන පරිදි create database කියන එක click කරන්න.




හරි දැන් ඔයාලගේ database එක හදල ඉවරයි.මෙතන අපිට කැමති usernam,e password,database name දෙන්න බෑ. මොකද අපි මේ ඉන්නේ free hosting දෙන site එකක. ඔයාල ඔයාලගේ කියලම full domain එකක් ගත්ත දවසට කැමති කැමති database name,username,දෙන්න පුළුවන්.

පහත රූපයේ දැක්වෙන පරිදි ඔයාල මේ details notepad එකකට copy කරගන්න. password එක ඔයාලගේ account manager password එකමයි. එක වෙනස් වෙන්නේ නැ.



දැන් අපේ වැඩෙන් බාගෙට බාගයක් ඉවරයි. දැන් තියෙන්නේ අපිට wordpress අපේ hosting server එකට upload කරගන්න එක. අපි ඊළගට එක ගැන කතා කරමු.

4.FTP එකක් හදාගමු.(wordpress Upload කරගැනීමට.)


මොකද්ද මේ FTP?

FTP කියල කියන්නේ FILE TRANFER PROTOCOL කියන එකයි. අපි FTP එකක් හරහා තමයි අපේ Wordpress එක අපේ hosting site එකට upload කරගන්නේ.(අපි තවම hosting ගැන කතා කරේ නැ)

නෙට් එකේ ඕනෙතරම් FTP Programms තියෙනව. ඒවුනත් මම මේකට ඔයාලට පාවිච්චි කරන්න කියන්නේ. FileZilla program එක.

FileZilla මෙතනින් download කරගන්න.

download කරගෙන install කරගන්න.ඕක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ අන්තිමට.

5.Wordpress config file එක සාදා ගැනීම

මේක අපේ tutorial එකේ ඉතා වැදගත් කොටසක්. මෙතැනදී අපි කරන්නේ download කරගත්ත wordpress එකේ database එක, අපි කලින් හදපු  අපේ hosting server එකේ  database එකත් එක්ක සම්බන්ද කරගන්න එක.මම ඔයාලට notepad එකක copy කරගන්න කිව්ව database name,database username,database password,host කියන මේවා අපිට මෙතැනදී ප්‍රයෝජනවත් වෙන්ව. එහෙනම් දැන් අපි අපේ වැඩේ පටන් ගමු.

1.wordpress extract කරපු folder එකට යන්න.

2.wp-config-sample.php කියන php file එක notepad editor එකකින් open කරගන්න.

3.පහත දී ඇති code එකේ මම රතු පාටින් දීල තියෙන ටික edit කරන්න ඕනේ.

// ** MySQL settings - You can get this info from your web host ** //

/** The name of the database for WordPress */
define('DB_NAME', 'database name එක ');

/** MySQL database username */
define('DB_USER', 'database username එක');

/** MySQL database password */
define('DB_PASSWORD', 'database password එක ');

/** MySQL hostname */
define('DB_HOST', 'host name එක ');


මම උඩ දීල තියෙන code එකේ රතුපාටින් තියෙන ඒවා ඔයාලගේ hosting site එකේ හදපු database name,username,password,host එක්ක පුරවන්න.

ඕක පිරෙව්වට පස්සේ wp-config-sample.php කියන file එක wp-config.php කියන විදිහට rename කරන්න.

6.FileZilla හරහා wordpress upload කිරීම.

දැන් අපිට කරන්න ඉතුරුවෙලා තියෙන්නේ FileZilla හරහා wordpress site එක upload කිරීමයි.ඔයාල එකට ඉස්සෙලාම hosting site එකෙන් FTP account details ගන්න ඕනේ. දැන් අයෙත් ඔයාල ඔයාලගේ account manager එකට යන්න.එතන දකුණු පැත්තෙ ඔයාලගේ FTP details තියෙනව.

(රුපය බලන්න)



දැන් අපේ වැඩේ ඉවරයි.ඔයාල FTP details ගත්තට පස්සේ FTP account details දාල quick connect කියන button එක click කරන්න. එතකොට username password හරිනම් ඔයාල server එකට connect වෙන්ව.

ඊළගට කරන්න තියෙන්නේ FTP එකේ වම් පැත්තේ ඔයාලගේ computer එකේ file පෙන්නනවා.දකුණු පැත්තේ server එකේ තියෙන files පෙන්නනවා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ computer එකේ wordpress folder එකේ තියෙන ඔක්කොම files select කරලා right click කරලා upload දෙන්න.අපැහැදිලිනම් පහත රුපය බලන්න



හරි දැන් ඔයාලගේ upload speed එක අනුව site එකේ upload වෙයි.මේකට ටිකක් වෙලා යයි.ඔක්කොම upload උනාට පස්සේ මෙන්න මේ ලින්ක් එකට යන්න.

www.ඔයාලගේ site එකේ නම.com/wp-admin/install.php

මම උදාහරණයක් විදිහට මගේ site එකේ කරන හැටි පෙන්නන්නම්.

www.efoax.ueuo.com/wp-admin/install.php

මෙහෙම දුන්නට පස්සේ ඔයාලට page එකක් open වෙයි මෙන්න මේ වගේ.(රුපය බලන්න.)



දැන් ඉතින් අපේ වැඩේ ඉවරයි.මෙතන ඔයාලගේ site එකට Title එකක් දෙන්න. username password ඔයාලට කැමති ඒවා දෙන්න.ඊට පස්සේ intall කියන button එක click කරන්න.දැන් ඔයාලව wordpress Dashboard එකට එක්කන් යයි.මෙතන ඔයාලට කැමති විදිහට posts දාල site එක හදාගන්න.

මම අයෙත් ලගදීම article එකක් දාන්නම් wordpress site එකක්  post දාල theme වෙනස් කරලා අපි කැමති විදිහට හදාගන්නේ කොහොමද කියල.

ප්‍රශ්න තියෙනවනම් comment එකක් දාන්න.




Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook