යම් පද්ධතියකට දත්ත, තොරතුරු හා උපදෙස් කෙටිකාලීනව හෝ දීර්ග කාලීනව තැම්පත් කර තැබීම සදහා යොදාගන්නා උපාංග මතක උපාංග ලෙස හදුන්වයි. එම මතක උපාංග අතරින් එක් මතකයක් වන පටන මාත්‍ර මතකය පිළිබදව අද අපි විස්තර සොයා බලමු. ගොඩක් අය මේකේ සිංහල නමනම් දැන් නැතිව ඇති. එත් ROM [Read only memory] කිව්වොත්නම් දන්නවා ඇති. 


                  මෙම මතකය කියවීමට පමණක් හැකි මතකයක් වන අතර පරිගණක සකසනයට(processor) මෙහි ලිවිය නොහැකිය. මෙම වර්ගයේ මතක වල ස්ථීරාංග(firmware) ලෙස හදුන්වන විශේෂිත මෘදුකාංග(software) වර්ගයක් තැම්පත් කර ඇත. මෙහි ඇති දත්ත හෝ තොරතුරු විදුලි බලය විසන්ධි වූ පසුව හෝ පරිගණකය ක්‍රියා විරහිත කල පසු මැකී නොයයි. එබැවින් මෙහි ඇති මතකය නශ්‍ය නොවන මතකයක්(non-volatile memory) වේ. මෙම ස්ථීරාංග යම් විශේෂිත වූ දෘඩාංගයකට(hardware) පමණක් බැදී ඇති විශේෂිත මෘදුකාංග වර්ගයක් වන අතර ඒවා නිරතුරුව යාවත්කාලීන(update) කිරීමේ අවශ්‍යතාවයක් නැත. පුද්ගල පරිගණක(personal computers) වල මව්පුවරුවට(motherboard) සවි කර ඇති අර්ධ සන්නායක(semiconductor) චිපයක තැම්පත් කර අති ස්ථීරාංගක් මගින් පරිගණකයක් ක්‍රියාත්මක කිරීමේ මුලික කාර්ය ඉටු කරයි. පරිගණකයට විදුලිය ලබා දීමත් සමගම ක්‍රියාත්මක වන මෙම ස්ථීරාංගය පරිගණකයට සම්බන්ධ කර ඇති උපාංග පරීක්ෂාවක් සිදු කරන අතරම එම ස්ථීරාංගයේ තවත් කොටසක් මගින් පරිගණකයෙහි මෙහෙයුම් පද්ධතිය(operating system) තැම්පත් කර ඇති ස්ථානයෙන් එහි පිටපතක් ප්‍රධාන මතයකයට(main memory) ප්‍රවේශ කරවීමත් සිදු කරයි. ආදාන උපාංග වලින් ලැබෙන සංඥ(signal) පරිවර්ථන කටයුතු ආදියද මෙම ස්ථීරාංගය මගින් සිදු කරයි. පරිගණක වලට අමතරව වෙනත් මිහිත පද්ධති(embedded system) වලද මෙවැනි ROM සවිකර ඇත. 

                මුල් කාලයේදී පටන මාත්‍ර මතකයට(ROM) පරිගණකයේ සකසනය භාවිතයෙන් යමක් ලිවිය නොහැකි වුවද නවීන තාක්ෂණික ක්‍රම මගින් පටන මාත්‍ර මතක වලට විදුලිය හෝ වෙනත් ක්‍රම භාවිතා කර විශේෂ උපකරණ මගින් උපදෙස් මැකීම හා නැවත ලිවීමද සිදු කළ හැක. එවැනි පටන මාත්‍ර මතක නම්,

1. පක්‍රමික පටන මාත්‍ර මතකය - Programmable read only memory[PROM]

                      ඉතා හොද තත්වයෙහි පටන මාත්‍ර මතකයක් නිර්මාණය කිරීම විශාල කාලයක් වැය වන කාර්යයක් මෙන්ම ඉතා කුඩා ප්‍රමාණයෙන් නිපද වීමද අධික වියදම් සහිත නිසා මෙම පටන මාත්‍ර නිර්මාණ ශිල්පීන් පක්‍රමික පටන මාත්‍ර මතකය නමින් මතක චිපයක් නිර්මාණය කරන ලදී. මෙම මතක චිපය කිසිවක් අඩංගු නොකළ හිස් චිප ලෙස අඩු මිලට ලබාගත හැකි අතර විශේෂිත උපකරණ මගින් මෙහි කේත(code) අඩංගු කරගත හැකිය.
The 27S185 is a Schottky TTL Programmable Read-Only Memory (PROM). This device has 3-state outputs, compatible with low-power Schottky bus standards capable of satisfying the requirements of a variety of microprogrammable controls, mapping functions, code conversion, or logic replacement.


2. මැකිය හැකි පක්‍රමික පටන මාත්‍ර මතකය - Erasable programmable read only memory[EPROM]

                         ROM හා PROM මතක චිප වල මිල සාපේක්ෂව අඩු වුවද එම මතක වර්ග වල තිබුණු ප්‍රධාන දුර්වල කමක් වනුයේ ඒවා නැවත නැවත කේතනය කළ නොහැකි වීමයි. එම නිසා නැවත නැවත කේතනය කල හැකි චිපයක් නිර්මාණය කල අතර එය මැකිය හැකි පක්‍රමික පටන මාත්‍ර මතකය ලෙස හදුන්වනු ලබයි. මෙම චිපයේ ඇති දත්ත පාර ජම්භුල කිරණ(ultra violet rays) භාවිතයෙන් විශේෂිත මෙවලමකින් මැකිය හැකි අතර ඉන්පසු එම චිපය නැවත ලිවිය හැකි තවත්වයට පත්වේ. විශේෂයෙන්ම මෙහිදී සම්පුර්ණ චිපයම මකා දැමීම සිදු වේ.
The M27C256B is a 256 Kbit EPROM which comes in the two ranges UV (ultra violet erase) and OTP (one time programmable). It is organized as 32,768 by 8 bits.


3. විද්‍යුතයෙන් මැකිය හැකි පක්‍රමික පටන මාත්‍ර මතකය - Electrically erasable programmable read only memory[EEPROM]

                              PROM හා EPROM  ගුණාංග අතින් ඉදිරියෙන් සිටියද එම චිපය මැකීමේදී හා නැවත ලිවීමේදී ඒ සදහා වෙන් වූ උපකරණයක් භාවිත කිරීමට සිදුවීමත් පහසුවෙන් කර ගැනීමේ හැකියාව නොමැති වීමත් ඒවායේ ඇති අවාසි විය. එමනිසා එම අවාසි මගහරවා ගනිමින් විද්‍යුතයෙන් මැකිය හැකි පක්‍රමික මතකයක චිපයක් නිපදවන ලදී. මෙහිදී මුල් චිපවල තිබූ සියලු අවාසි සහගත තත්වයන් ඉවත් කරන ලදී. 
The AT28C010 is a high-performance electrically-erasable and programmable read only memory. Its 1 megabit of memory is organized as 131,072 words by 8 bits. Manufactured with Atmel’s advanced nonvolatile CMOS technology.


     EEPROM වල වාසි නම්:
             1. නැවත ලිවීමේදී ච්පය සවිකර ඇති තැනින් ඉවත් කිරීම අවශ්‍ය නැත.
             2. සම්පුර්ණ චිපය මකා නොදමා අවශ්‍ය කොටස් පමණක් නැවත ලිවීමට හැකිවීම.
             3. අන්තර්ගතය මකා දැමීමට විශේෂිත මෙවලමක් අවශ්‍ය නොවීම.

තවත් විස්තර අවශ්‍යනම් ===>> http://adf.ly/XsGDF
                                              http://adf.ly/XsFpo
                                                                           

Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook