ජාලයක පරිගණක එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරය ජාල ස්ථලකයක් ලෙස සරලව හැදින්විය හැකිය. ජාල ස්ථලකය මගින් ජාලයක අඩංගු උපකරණ එකිනෙක අතර තාර්කික සබැඳියාව නිරුපණය වේ. ජාල ස්ථලක ප්‍රධාන ආකාර කිහිපයක් වෙයි..

නිය මග ජාල ස්ථලකය (Bus Network Topology)




        මෙවැනි ජාලයක පරිගණක සියල්ලම එක් ප්‍රධාන රැහැනකට (backbone cable) නැතහොත් බසයකට සවි කර ඇත. එක් පරිගණකයකින් යොමු කරන දත්ත පැකට්ටුවක් (data packet - 56mb) බසය හරහා ගමන් කරයි. ඉන්පසුව මෙම දත්ත පැකට්ටුව යොමුකර ඇති පරිගණකය මගින් පමණක් එය තමන් වෙත යොමුකරගනී.
        එක් පරිගණකයක බිදවැටීමක් ජලයෙහි ක්‍රියාකාරීත්වයට බාධාවක් නොවන නමුත් ප්‍රධාන බසයේ දෝෂ ජලයෙහි සියලු පරිගණක අක්‍රිය වීමට හේතුවක් විය හැකිය. මෙම ජාලයෙහි ප්‍රධාන රැහැන හෙවත් බසය දෙකෙළවරින් වසා දැමිය යුතු අතර මෙය තරමක් ගැටලුකාරී තත්වයකි. මෙවැනි වර්ගයේ ජාල බොහෝ අවස්ථා වලදී කෙටි කාලයක් සදහා ගොඩනගනු ලබන අතර ඊට ප්‍රධාන හේතුව ජාලය ගොඩනැගිමෙහි ඇති වේගවත් හා සරල බවයි.

වටමය ජාල ස්ථලකය (Ring Network Topology)


             මුදුවක ආකාරයට ජාලයෙහි පරිගණක එකිනෙක හා සම්බන්ධ වී ඇති අවස්ථාවක් වටමය ජාල ස්ථලකයේදී දක්නට ලැබේ. මෙහිදී මුදුව හරහා නිරන්තරවම token එකක් ගමන් කරන අතර, මෙම token එක එම අවස්ථාවේදී අයිති පරිගණකයට දත්ත සම්ප්‍රේෂණය කළ හැකිය. එසේ සම්ප්‍රේෂණය කරනු ලැබූ දත්ත පැකට්ටුව (data packet) ජාලයට සම්බන්ධ වී ඇති සෑම පරිගණකයක් හරහාම ගමන් කරනු ලබයි. එම අවස්ථාවේදී අදාළ දත්ත පැකට්ටුව යොමුකර ඇති පරිගණකය වෙත දත්ත පැකට්ටුව ලගා වූ පසු එම පරිගණකය එය ලබා ගනී. එසේ නොමැති අවස්ථාවල දත්ත පැකට්ටුව වෙනත් පරිගණකයක් වෙත ලගා වූ විට එම දත්ත පැකට්ටුවට වැඩි බලයක් ලබා දී (regenerate) ඊලග පරිගණකය වෙත යොමු කරයි. මෙය ඉතා විශාල වටමය ආකාරයේ ජාල ගොඩනැගීම සදහා ඉවහල් වෙයි. මෙවැනි ජාලයක් ඉතා වේගවත් හා සරල වුවත් ජාලයෙහි එක් පරිගනකයක බිද වැටීම සමස්ථ ජාලයම අඩපණ කිරීමට හේතුවක් වෙයි.

තරුමය ජාල ස්ථලකය (Star Network Topology)


            ජාලයෙහි ඇති පරිගණක මධ්‍යගත නාභියකට (central hub) සම්බන්ධ කිරීමෙන් තරුමය ආකාරයේ ජාලයක් ගොඩනගනු ලබයි. දත්ත සම්ප්‍රේෂණයෙදී ජාලයෙහි එක් පරිගණකයක් මගින් තමන්ට අවශ්‍ය දත්ත පැකට්ටුව මධ්‍යගත නාභියට යොමු කරන අතර එමගින් ජාලයේ අනෙකුත් පරිගණක වලට එම දත්ත පැකට්ටු යොමු කරයි. ජාලයේ පරිගණකයක් තමන් වෙත යොමුවන දත්ත පැකට්ටු පමණක් ලබා ගන්නා අතර අදාල නොවන අනෙකුත් දත්ත පැකට්ටු ඉවත දමයි.
           ජාලයෙහි එක් පරිගනකයක බිද වැටීම සමස්ථ ජාලයටම බලපෑමක් ඇති නොකරන නමුත් මධ්‍යගත නාභියේ දෝෂ සමස්ථ ජාලයම බිද වැටීමට හේතුවක් වෙයි. එසේම මෙවැනි ජාලයක් ගොඩනැගීම සදහා වැඩි රැහැන් ප්‍රමාණයක් අවශ්‍ය වෙයි.

බැදී ජාලමය ස්ථලකය (Mesh Network Topology)


         ජාලයෙහි ඇති එක් පරිගණකයක් අනෙක් සියළුම පරිගණක හා සෘජුව සම්බන්ධ වීම බැදී ජාලයෙහි ඇති ප්‍රධාන ලක්ෂණයයි. මෙවැනි ජාලයක් ගොඩනැගීම අසීරු මෙන්ම ඉතා වැඩි රැහැන් ප්‍රමාණයක් අවශ්‍ය වීමද දැකිය හැකිය. කෙසේ වුවත් සමහර පරිගණක වල බිද වැටීම ජාලයෙහි ක්‍රියාකාරීත්වයට අවම බලපෑමක් ඇතිකරයි. එක කොටසක සම්ප්‍රේෂණය බිද වැටුණු විට විකල්ප මාර්ගයකින් අවශ්‍ය ගමනාන්තයට ලගා වීමට දත්ත පැකට්ටු වලට හැකියාව ඇත.

දෙමුහුන් ජාල ස්ථලකය (Hybrid Network Topology)


          එකිනෙකින් වෙනස් වූ ස්ථලක මත ගොඩනැගු ජාල කිහිපයක් සම්බන්ධ වී තිබීම දෙමුහුන් ජාලයක ඇති ප්‍රධාන ලක්ෂණයයි. විශ්ව විසිරි වියමනෙහි (WWW) මෙවැනි අවස්ථාවන් බහුලව දැකිය හැකිය.

පරිගණක වර්ගීකරණය ගැන දැනගන්න මෙතනින් යන්න.

අලුත්ම Opera Web Browser එක ඕනෙනම් මෙතනින් යන්න.

Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook