පරිගණක මෘදුකාංග (Computer Software) යනු පරිගණකයක් භාවිතා කර යම් කටයුත්තක් කර ගැනීමට ඇති පරිගණක වැඩසටහන් (Programs), ඒ සම්බන්ධ උපදෙස්, ලේඛන, ක්‍රියාවලි එකක් හෝ කිහිපයක එකතුවකි. නැතහොත් පරිගණක පද්ධතියක් යම් අරමුණක් කරා මෙහෙය වීම සදහා පිළිවෙලකට ලබා දී ඇති උපදෙස් මාලා සමුහය පරිගණක මෘදුකාංග ලෙස හැදින්වේ.



                  පරිගණක වදන් සකසන මෘදුකාංග (Word Processing Software) වැනි යෙදුම් මෘදුකාංග (Application Software) මෙන්ම මෙහෙයුම් පද්ධති (Operation System) වැනි පද්ධති මෘදුකාංගද (System Software) මීට අයත් වේ. තවද සේවා පද්ධති (Servers), විසිරි පද්ධති (Distributed Computers) වල ක්‍රියාකාරීත්වයටද මෘදුකාංග අවශ්‍ය වේ.
පද්ධති මෘදුකාංග (System Software)

            පරිගණකයක මුලික ක්‍රියාකාරීත්වයට අදාළ කාර්යයන් ඉටු කිරීම සදහා නිර්මාණය කරනු ලබන මෘදුකාංග මේ යටතට ගැනේ. ක්‍රියාකාරීත්වය අනුව පද්ධති මෘදුකාංග 3 ආකාරයකින් දක්නට ලැබේ.
  1. මෙහෙයුම් පද්ධති (Operating System - OS)
  2. භාෂා පරිවර්ථක (Language Translators)
  3. උපයෝගීතා මෘදුකාංග (Utility Software)

යෙදුම් මෘදුකාංග (Application Software)

          පරිගණකය ක්‍රියාකරවන්නෙකුට තම අවශ්‍යතාව ඉටු කරලීම සදහා පරිගණක තුල ක්‍රියාත්මක කල යුතු මෘදුකාංග යෙදුම් මෘදුකාංග වෙයි. එසේම පද්ධති මෘදුකාංග මෙන් නොව දිනෙන් දින නව යෙදුම් මෘදුකාංග වෙළදපොලට එකතු වෙමින් පවතී. යෙදුම් මෘදුකාංග වලට උදාහරණ නම්,
  1. Word processing software
  2. Spreadsheet software 
  3. Database management system software
  4. Antivirus software
        
දෘඩාංග හා මෘදුකාංග

                 දෘඩාංග (Hardware) යනු පරිගණකයක ඇති භෞතික වස්තූන්ය. ඊට සාපේක්ශව මෘදුකාංග යනු භෞතිකව ස්පර්ශ කල නොහැකි දෙයකි. එමෙන්ම අපට මෘදුකාංගයක් ක්‍රියා කරවිය හැක්කේ දෘඩාංගයක් මතය, (මෘදුකාංගයක් අපට ගෝචර වන්නේ දෘඩාංග වල ක්‍රියාකාරීත්වය මතය). එනම් දෘඩාංග ක්‍රියා කරනුයේ එය මත ක්‍රියා කරන මෘදුකාංගය අනුවය. මෘදුකාංගයක් යනු එය ක්‍රියාත්මක වන දෘඩාංගය සඳහා දෙන ලද උපදෙස් මාලාවකි. මෙසේ දෘඩාංග වල ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සඳහාම නිපදවන ලද මෘදුකාංග පද්ධති මෘදුකාංග හෝ මෙහෙයුම් පද්ධති ලෙසද හැඳින්වේ.

                 මෘදුකාංගයක් පරිගණකයේ ප්‍රධාන මතකය (Main Memory) මතට ප්‍රවේශ වී එහි ඇති උපදෙස් මාලාව (Instruction set) එකින් එක පිලිවෙලට (Sequence) ප්‍රධාන සැකසුම් ඒකකයට (central processing unit) ලබා දෙයි. මෘදුකාංගයක් එහි සූක්ශමතම මට්ටමේදී පවතින්නේ ද්වීමය (Binary) සංඥා මාලාවක් වශයෙනි. මේවා යන්ත්‍ර භාෂාවෙන් (Machine Language) ඇති උපදෙස් ය. ප්‍රධාන සැකසුම් ඒකකය එම උපදෙස් වලට අනුව පරිගණකයේ දෘඩාංග වලට විද්‍යුත් සංඥා නිකුත් කරයි. ඒ අනුව ක්‍රියාකාරීත්වය සිදු වේ.

දත්ත හා මෘදුකාංග


                 මෘදුකාංග තනන්නේ මිනිසුන් ගේ ජීවත් වන ලෝකයේ පවතින ගැටලු වලට විසඳුම් සෙවීමටය. විසඳුම් සෙවීමටනම් ගැටලුව පිලිබඳ තොරතුරු හා දත්ත අවශ්‍ය වේ. පරිගණකයකට ඇතුලත් කරන ලද දත්ත ගබඩා කර තබාගැනීමට, සැකසීමට, ගණනය කිරීමට, සන්නිවේදනය කිරීමට සහ එය නැවත ලබා දීමට එයට හැකිය. මේ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් ම පාලනය කරනු ලබන්නේ මෘදුකාංග මගිනි.

                 මෙසේ ප්‍රධාන මතකයට ඇතුල් කරන දත්ත හා තොරතුරු, පරිගණකයේ විදුලිය විසන්ධි කිරීමෙන් පසු මතකයෙන් ඉවත් වේ. නමුත් එම තොරතුරු ද්වීතියික මතකය (ස්ථීර මතකය) මත ගබඩා කිරීමෙන් එකම දත්ත නැවත නැවත ඇතුල් කිරීමට සිදු නොවේ.

                 පරිගණක සම්බන්ධ පලමු නීතිය වන GIGO (Garbage In Garbage Out) යන්නද, දත්ත හා සබැඳි අදහසකි. එයට අනුව වැරදි දත්ත ඇතුල් කිරීමෙන් ලැබෙන්නේ වැරදි ප්‍රතිදානය. නිවැරදි ප්‍රතිදානය ලබාගැනීමට නිවැරදි දත්ත ලබා දිය යුතුය.

පරිගණක ආශ්‍රිත පද්ධතියකින් නියම ප්‍රයෝජන ගැනීමටනම් එහි ඇති දත්ත...

නිවැරදි විය යුතුය (Accurate).
යාවත්කාල විය යුතුය (Up to date).
සම්පූර්ණ විය යුතුය (Complete).
පරස්පර විරෝධී නොවිය යුතුය (Consistent).

Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

Related Posts:

  • Motherboard එකේ මොනවද මේ Expansion Slots කියන්නේ.. Motherboard එකෙන් සාමාන්‍යයෙන් ලබා ගත හැකි සේවාවන්ට වඩා අමතර සේවාවන් ලබා ගැනීමට නම් විවිධ card වර්ග ඊට සම්බන්ධ කළ යුතුය. මෙවැනි card වර්ග පොදුවේ expansion card ලෙස හදුන්වයි. මේවා සම්බන්ධ කරන්නේ expansion slot වලටයි. Moth… Read More
  • පරිගණක මෘදුකාංග [Computer Software]                   පරිගණක මෘදුකාංග (Computer Software) යනු පරිගණකයක් භාවිතා කර යම් කටයුත්තක් කර ගැනීමට ඇති පරිගණක වැඩසටහන් (Programs), ඒ සම්බන්ධ උපදෙස්, ලේඛ… Read More
  • Processor එකක් නිර්මාණය වී ඇති ආකාරය හා එහි ක්‍රියාකාරීත්වය. පරිගණකයක ඇති ප්‍රධානතම උපාංගය වන්නේ processor එකයි. පරිගණකයේ 'මොළය' ලෙසද මෙය ඇතැම් විට හදුන්වයි. බොහෝ විට පරිගණකයක් හදුන්වන්නේද එහි processor එකෙහි වර්ගය හා වේගය කීමෙනි. Processor වර්ග කිහිපයක් තිබේ. එනම් In… Read More
  • ජාල ස්ථලක [Network Topologies]                   ජාලයක පරිගණක එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරය ජාල ස්ථලකයක් ලෙස සරලව හැදින්විය හැකිය. ජාල ස්ථලකය මගින් ජාලයක අඩංගු උපකරණ එකිනෙක අතර තාර්කික සබැඳියාව නිරුපණය ව… Read More
  • Computer Programming Languages                       Computer programming language, any of various languages for expressing a set of detailed instructions for a digital computer. Such in… Read More

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook