ගොඩක් අය අන්තර්ජාලයේ නිතරම සොයන දෙයක් තමයි Sinhala English Dictionary එකක්. එක නිසා අපි අද ඔයාලට වටින ලිපියක් ලියන්න හිතුවා. මේ ලිපියෙන් අපි දැනට ලංකාවේ තියෙන Sinhala English Dictionary ගැන පැහැදිලි කිරීමක් කරනවා. ඒ වගේම තමයි Sinhala English Dictionary Firefox addons/Chrome extensions තියෙනවනම් අපි ඒ පිළිබඳවත් ඔයාලව දැනුවත් කරනවා එම නිසා දිගටම ලිපිය කියවන්න.



මුලින්ම ඔයාලා දන්න සහ සමහරවිට නොදන්නා Sinhala English Dictionary කිහිපයක් මම කියන්නම්. තවද ඒවගේ හොඳ සහ නරක කෙටියෙන් පැහැදිලි කරන්නම්.

Madura Dictionary


ගොඩක් අය Madura  Dictionary එක ගැන දන්නවා. ඇත්තමට ලංකාවේ වැඩිම දෙනෙක් පාවිච්චි කරන Dictionary එක හැටියට මෙය නම් කරන්න පුළුවන්. Madura Dictionary එක පාවිච්චි කරලා අපිට Sinhala to English වගේම English to Sinhala ත් වචන පරිවර්තනය කරගන්න පුළුවන්. ඔයාල සතුව තවමත් Madura Dictionary එක නැත්නම් පහත දක්වා ඇති link භාවිත කර බාගත කරගන්න පුළුවන්. ඒවගේම Madura Online site එකට ගිහින් ඔයාලට online ම Dictionary භාවිතා කරන්නත් ඒගොල්ලෝ කටයුතු කරලා තියෙනවා.




Engrisi Dictionary 2014


ඇත්තටම ඔයාල මේ Dictionary එකටනම් ගොඩක් කැමති වෙයි. ගොඩක් අය ළඟ දැනටමත් මේ Dictionary එක ඇති. නැති අයට පුළුවන් පහත link එකෙන් ගිහින් බාගත කරගන්න. Singlish විදියට type කරන්න පුළුවන් පහසුකම මේ Dictionary සතුව තිබෙනවා. එම නිසා ඔයාලට ඉක්මනින්ම සිංහල වචනයක් වුනත් English වලට translate කරගන්න යන්නේ සුළු වෙලාවයි. ඇත්තටම මටනම් ලේසිම Dic එක තමයි මේක. ඔයාලත් මේක භාවිතා කරලා බලන්න, එතකොට ඔයාලටම තේරුම් ගන්න පුළුවන් වෙයි මේ  Sinhala English Dictionary කොච්චර පහසුවෙන් භාවිතා  කරන්න පුලුවන්ද කියලා.
Download

Kapruka Online Dictionary


Kapruka Online Dictionary එකෙන් ඔයාලට Online ම වචන සොයාගන්න පුළුවන්. ඒත් ඇත්තටම මෙම Site එකේ තියෙන වචන ප්‍රමාණයනම් අඩුයි. මේකේ තියෙන තව වාසියක් තමයි ඔයාලට ඕනෙනම් Tamil වලටත් මෙම වෙබ් අඩවිය භාවිතා කරලා වචන translate කරගන්න පුළුවන්. පහත දක්වා ඇති link එක භාවිතා කරලා site එකට අතුලවන්න.

Ceylon Online


මෙම වෙබ්අඩවියත් ඉහත Kapruka Online Dictionary සමාන වෙබ්අඩවියක්. එහෙත් මෙහි වචන ප්‍රමාණය තරමක් වැඩියි. ඔබට අවශ්‍ය සමහරක් වචන මෙහි අන්තර්ගත නොවේ. එම නිසා තෝරාගැනීම ඔබ සතුයි.



ඉහත  දක්වා ඇත්තේ මම භාවිතා කර මට මගේ අවශ්‍යතාවය සපුරාගැනීමට හැකිවන Sinhala English Dictionary කිහිපයක් පමණි. ඔබ මෙහි අන්තර්ගත Sinhala English Dictionary වලට වඩා ඵලදායි Dictionary සහ වෙබ්අඩවි  පිලිබද දැනුවත්නම් අනිත් සියලු දෙනාටත් දැනගැනීම පිණිස සටහන් කරන්න.


ඊළගට මම ඔබට ඔබගේ Internet Browser තුල  Sinhala English Dictionary ලෙස භාවිතා කළහැකි addon/extension කිහිපයක් සටහන් කරන්නම්.

Chrome සඳහා


Mouse pointer එක තිබ්බ ගමන් සිංහල තේරුම දැනගැනීමට හැකිවන පරිදි සකසා ඇති මෙම Chrome Extension එක ඉතාමත් සාර්ථක සහ කාර්යක්‍ෂම Online Dictionary එකක් ලෙස නම් කල හැකියි. මේ පිලිබද වැඩිදුර තොරතුර දැනගැනීමට මෙම Post Link එකට යන්න. Extension එක බාගත කරගැනීමට පහත Link භාවිතා කරන්න.

Sinhala English Dictionary


මේකත් ගොඩක් ප්‍රයෝජනවත් Chrome Extension එකක්. මේකන් වෙන්නෙත් ඔයාල බලන වෙබ්පිටුවල වචනවල තේරුම ඒවෙලාවෙම Right Click කරලා Select කරලා බලාගන්න පුළුවන්.





Sinhala Meaning


මෙතන Extension දෙකක් තියනවා. ඒක නිසා තෝරලා බලලා ඔයාලට හොදයි කියලා හිතෙන Extension එකක් Chrome එකට Add කරගන්න.










Firefox සඳහා


Firefox Sinhala English Dictionary addon


ඇත්තටම Firefox වලට එච්චරම addon මට හොයාගන්න නොහැකිවුනා. පහත දක්වා ඇති Link එකෙන් Madura addon  එක ඔයාලට Firefox වලට add කරගන්න පුළුවන්.







ඉතින් මම ඉහත දක්වා ඇත්තේ මම දැනට භාවිතය අරගත් Sinhala English Dictionary Software, වෙබ් අඩවි සහ Browser Plugin පමණයි. මෙහි සදහන් නොකළ ඔබ දැනට භාවිතා කරන Sinhala English Dictionary තිබේනම් අනිත් අය දැනුවත් කිරීම පිණිස මෙහි Comment එකක් සදහන් කරන්න.

Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

Related Posts:

  • Nero නැතිව CD/DVD Write (Burn) කරන්න නියම Software එකක් [5mb] මට  තිබ්බ  ලොකු ප්‍රශ්නයක්  NERO වලින් CD/DVD Write කරන එක. මොකද කියනවනම් මගේ තිබ්බේ Nero License Version එකක් නෙමෙයි. එක නිසා මම මොන CD එක Write කරන්න ගියත් මොකක් හරි error message එකක් එනවා. ඒවුනත… Read More
  • Avast! Internet Security 2014 with licence key valid till 2017 | Totally Free           ඔන්න යාලුවනේ අද ගෙනාවා පට්ට post එකක්. හැමෝම Avast virus guard එක දන්නවනේ. අද ඕගොල්ලන්ට දෙන්න යන්නේ Avast! Internet Security 2014 එක 2017 වෙනකන් වලංගු licence key එකකුත් එක්ක නොමිල… Read More
  • PDF file JPG වලට convert කරන්න software එකක් [PDF to JPG Converter] අද මම දෙන්න යන්නේ ඔයාලට වටින කියන software එකක් මේකෙන් පුළුවන් ඔයාලට PDF file JPEG වලට convert කරන්න. මේක දැන්මම සමහර අයට වටින්නේ නැති වෙයි එත් කවදහරි දවසක ඕනේ වෙයි ඒක හින්දා download කරගෙන තියාගන්න.  ..මෙ… Read More
  • පරිගණකයේ screen එක record කරන්න නියම software එකක්.. මෙමගින් සම්පුර්ණ තිරය හෝ තිරයේ තෝරාගත් ප්‍රදේශයක් පමණක් record කර ගැනීමට පහසුකම් සලසන අතරම අපගේ voice එකද ඒ සමග record කර ගැනීමට හැකිය. SCREEN2EXE is a comprehensive tool designed for recording your whole desktop or … Read More
  • මෙන්න Web Browse කරන්න අලුත්ම Opera Web Browser එක. ඔයාල දන්නවනේ opera web browser එක දැන් ගොඩක් ප්‍රසිද්ධ වේගෙන එන browser එකක්. අපි mobile වල මේක ගොඩක් use කරනවනේ. දැන් ඒ පහසුකම් ඔක්කොම එක්ක pc එකට browser එකක් තියෙනවා. මේක speed web browser එකක්. දාගෙනම බලන්න කොහොමද කිය… Read More

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook