Google සමාගම මේ දවස්වල විශේෂ කතා බහකට ලක් වෙලා තියෙනව මොකද කිව්වොත් ඒගොල්ලොන්ගේ ලොකු barge එකක් මේ දවස්වල නවත්තල තියෙනව San Francisco නැව් තටාන්ගයේ.මේ වනවිට ගොඩාක් ඔපදූප කාරයෝ මේ නැව ගැන නොයෙක් කතා කියනව.සමහරු කියනව මේක google එකට patent එකක් තියෙන පාවෙන data center එකක් කියලා.ඒවුනත් CNET එකෙන්නම් කියන්නේ වෙනස්ම කතන්දරයක්.
CBS news සේවයට අනුව මේක කිසිසේත්ම data center එකක් කියන කතා බැහැර කරනවා. Google සමාගමට අනුව ඒගොල්ලෝ කියන්නේ මේක ඔවුන්ගේ නිෂ්පාදන බෙදා විකුණන අලෙවි මධ්‍යස්ථානයයක් කියල.


විස්වසනීය ආරංචි මාර්ගවලට අනුව මෙම barge එකේ අධි සුඛෝපභෝගී showrooms තියෙනව කියලත් කියනව. මේ showrooms ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ google glasses වගේ ඒගොල්ලෝ gadget තියන්න කියලයි අපිට ආරංචි වෙන්නේ.


තවද මෙම නැවේ සමහර නැව් තට්ටු අධි සුඛෝපභෝගී party සංවිධානය සදහා වෙන් කරලත් තියෙනව.කෙසේ වෙතත් මෙයට ඇතුළු විය හැක්කේ පෙර ඇරයුම් කල ආරාධිත අමුත්තන්ට පමණයි.මෙය Google x වල පුත්‍රයෙක් ලෙසත් ඔවුන් පවසා තිබෙනවා. google x යනු ඔවුන්ගේ නවතම නිපැයුම් සහ  සේවා බිහිකරන මධ්‍යස්ථානයකි.google glasses සහ google ස්‌වයං ධාවනය වන මෝටර් රථ ඔවුන්ට අයත් නිෂ්පාදන වේ.


CBS වාර්තාවලට අනුව google සමාගමේ සහකාර නිර්මාතෘවරයා වන Sergey Brin මෙම නැව සම්බන්දයෙන් කටයුතු කරයි.ගොඩක් දුරට මෙය Apple සමාගම හා තරග කිරීමට මොවුන් යෙදු උපක‍්‍රමයක් ලෙස හදුන්වනවා.


මෙය දැනට පිටතින් අධි සුඛෝපභෝගී barge(නැවක්) ලෙස නොපෙනුනත් අඩි 40 යේ කන්ටේනර් පෙට්ටිවලින් සමන්විතයි.මෙම කන්ටේනර් පෙට්ටි සකසා ඇති ආකාරයට  මේව ඉතා ඉක්මනින් නැවත නැවත ගලවා ඉවත්කරගත හැකියි.


මෙය ඇත්තවශයෙන්ම කිව්වොත්  මුහුදු ප්‍රවාහනයට පමණක් සීමා උන project එකක් නෙමෙයි.ඕනෙනම් google සමගම සතු මේ බඩු භාන්ඩ දුම්රියෙන් හා ට්‍රක් රථ හරහාද ගෙන යා හැකියි.එවිට මෙය මහමග ප්‍රදර්ශනයක් වනවා නොඅනුමානයි.


කෙසේ වුවත් තවමත් මේ රහසිගත barge එක රහසක් ලෙසම තබා ගැනීමට google සමාගම හා San Francisco වෙරළ බලදාරින් කටයුතු කර තිබෙනවා.


google සමාගමේ පෙර වාර්තා වලට අනුව ඔවුන් කියා තිබෙනවා මේ අවුරුද්දේ නිවාඩු වකවානුව තුල ඔවුන් තමන්ගේම කියා නවතම අලෙවි මධ්‍යස්ථානයක් ආරම්භ කරන බව.මෙම barge එක නිසැකවම එහි ආරම්බයක් විය යුතුයි.google glasses,nexus නිෂ්පාදන,chrome අත්හදාබලිම් වැනි සුවිශේෂී කාර්යන් මෙම විශාල තාක්ෂණික නැවතුල ලගදීම ඔවුන් ආරම්බ කරයි.මේ හේතුවෙන් google හට තමන්ගේ පාරිබෝගිකයන් වෙත තවත් ලංවීමට අවස්ථාව සැලසේ.


                                                                                                           (අන්තර්ජාල පුවත් ඇසුරෙනි)

Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

Related Posts:

  • dataSTICKIES | Future Technology | මෙය තැනක අලවා දත්ත හුවමාරු කළ හැකි සියුම් උපාංගයකි පරිගණක උපාංග අතර තොරතුරු හුවමාරු කර ගනු පිණීස flash  drive යොදා ගන්නා විට මතු වෙන අපහසුතා කිපයක්ම තිබේ. Flash  drive එක නියමිත slot එකට සම්බන්ද කළ යුතු විම, එය භෞතික වශයෙන් තරමක් ලොකු උපාංගයක් වීම (data st… Read More
  • Download Microsoft Windows 10 Preview : 6 Features You'll Surely Want Mirosoft සමාගම විසින් ගත්ත වැරදි පියවරක් ලෙස windows 8 හදුන්වන්න පුළුවන් කියලා බොහෝ තාක්ෂණික වාර්තාකරුවන් පවසනවා. ඔවුන් පවසන්නේ windows 8 වෙනුවට මිනිසුන් අවුරුදු 20 ක් තිස්සේ පුරුදු වී සිටි ආකාරයේ  desktop interfac… Read More
  • ලෝකයේ වඩාත්ම ලස්සන සිත්ගන්නාසුළු ස්ථාන | The World's Most Beautiful Places අද මම ඔයාලට වෙනදාට වඩා වෙනස් තොරතුරු ටිකක් ගැන තමා කියන්න යන්නේ. ඒ ලෝකයේ වඩාත් ලස්සනම ස්ථාන ගැන විස්තර ටිකක්. සමහර අයට හිතෙන්නත් පුළුවන් ඇත්තටම මෙහෙම තැන් ලෝකේ තියනවද කියලත්, මොකද මේ ස්ථාන ඒ තරමටම ලස්සනයි. මම මේකේ… Read More
  • ඔයාගේ Youtube chanel එකට 150+ foreign subscribers ඕනෙද? ඔයාල දැනට YouTube Channel  එකක් කරගෙන යනවනම් ඒකට අනිවාරෙන්ම Subscribers ලා ඕනේ. එක කරගන්න ටිකක් අමාරුයි. එක හින්ද මම අද ඔයාලට දෙන්න යන්නේ නියම Service එකක්.  ඔයාලගේ Channel එක ඉක්මනටම ජනප්‍රිය කරගන්න ඕනෙනම්… Read More
  • Kosthapal Punyasoma [කොස්තාපල් පුඤ්ඤසෝම] Watch Online Now      ඔන්න අද කට්ටියට සිංහල සිනමාවේ මේ වකවානුවේ තිරගත වෙන සිංහල සිනමාපට අතුරින් පෙරමුණේ පසුවන සුපිරිම චිත්‍රපටයක් නම් කරන්න කිව්වොත් මෙන්න අද ඉදන් ඔබට පුලුවන්. ඒ තමා ඔබ කවුරුත් දන්න කොස්තාපල් පුඤ්… Read More

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook