Phone එකෙන් website වලට යන විදිහටම PC එකෙන් යන්නේ මෙහෙමයි [Access to Mobile Websites on PC]


සමහර Website, Phone එකට එක විදියක්, PC එකට තව විදියක්, iphone එකට වෙනස් විදියක් විදිහට තමයි open වෙන්නෙ. එක නිසා  phone එකෙන් යන සමහර site වලට computer එකෙන් යන්න දෙන්නේ නැ. මම අද ඔයාලට කියල දෙන විදිහට ගියොත් pc එකෙන් phone එකෙන් යන විදිහටම sites වලට යන්න පුලුවන්. වැඩි දෙයක් නැ try කරලම බලන්න..


අපි මේකට පාවිච්චි කරන්නේ user agent switcher කියන Extension එකක්.


දැන් ඔයාල ඔය site වලට ගිහින්  Extension එක browser එකට දාගන්න.

මගේ තියෙන්නේ chrome, මම chrome එකෙන් කරන විදිය කියන්නම්. Firefox/IE වලත් වැඩි වෙනසක් නැ. මේ විදිහම තමයි කරන්න තියෙන්නේ. ඇත්තටම මේකේ ඇති දෙයකුත් නැ හරිම සරලයි.

ඔයාල chrome එකට  Extension එකට දාගත්තට පස්සේ දකුණු පැත්තෙ අයිනෙන්  Extension එක පෙන්නයි.



ඔතනින් ඔයා කැමති user agent එකක් select කරලා දෙන්න. ඒ කියන්නේ ඔයාලගේ phone එකේ os android නම් android දෙන්න. නැත්නම් මෙතන එක නැත්නම් windows phone කියන එක දෙන්න. දීල ඔය කැමති site එකකට යන්න. දැන් ඔයාලට පෙනෙයි ලේසියෙන්ම ඔයාල phone එකෙන් යන විදියට pc එකෙන් යන්න පුළුවන් කියල.

ඔයාල මේ වැඩේ ඉවර උනාට පස්සේ අයෙත් පරණ විදිහට browser එක පාවිච්චි කරන්න. ඒ  Extension එකෙන්ම ඔයාලගේ browser එකේ නම තෝරලා දෙන්න(Default). ඊට පස්සේ ඔයාලට අයෙත් පරණ විදිහට sites වලට යන්න පුළුවන්.


Youtube Videos පහසුවෙන්ම GIF පින්තුර වලට convert කරන්න මෙතනින් යන්න.