අපි අන්තර්ජාලය භාවිතා කිරීම සදහා අන්තර්ජාල සේවා සපයන්නන් විසින් ලබාදෙන packages තමා භාවිතා කරන්නේ. එසේ ලබාගන්නා packages වලට නියමිත mb/gb ගණනක් තියනවා. සමහර විට අපි දන්නෙම නැතිව package එක ඉවර වෙනවා, ඉවර උනාට පස්සේ භාවිතා කරන mb වලට වැඩිපුර සල්ලිත් කැපෙනවා නැත්තම් connection  එක slow වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් වෙන් නැතිවෙන්න අපේ usage එක හරියට දැනගන්න වෙනවා (monitoring). එකට හරියන free software වගයක් ඔයාලට දෙන්න තමා හදන්නේ.


Mirosoft සමාගම විසින් ගත්ත වැරදි පියවරක් ලෙස windows 8 හදුන්වන්න පුළුවන් කියලා බොහෝ තාක්ෂණික වාර්තාකරුවන් පවසනවා. ඔවුන් පවසන්නේ windows 8 වෙනුවට මිනිසුන් අවුරුදු 20 ක් තිස්සේ පුරුදු වී සිටි ආකාරයේ  desktop interface එකක් ලබාදුන්නානම්, එය භාවිතා කරන්නන්ට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බවයි.


පරිගණක උපාංග අතර තොරතුරු හුවමාරු කර ගනු පිණීස flash  drive යොදා ගන්නා විට මතු වෙන අපහසුතා කිපයක්ම තිබේ. Flash  drive එක නියමිත slot එකට සම්බන්ද කළ යුතු විම, එය භෞතික වශයෙන් තරමක් ලොකු උපාංගයක් වීම (data stick වලට සාපේක්ෂව‍) හා දැනට සොයාගෙන ඇති badUSB නමැති දෝෂය යනාදීයයි. මේ අපහසුතා මග හරවගෙන පරිගණක අතර දත්ත හුවමාරු කළ හැකි නව උපාංගයක් ඉන්දියාවේ Aditi Singh සමග Parag Anand යන දෙදෙනා නිපදවා තිබේ. එය ඩේටාස්ටිකීස් (dataSTICKIES)ලෙස හැදින්වෙයි. 

dataSTICKIES හරියට විවිධ සටහන් ලියා මතක් වෙන්නට පෙනෙන තැනක අලවා තබන කඩදාසි තීරු (sticky notes) මෙන් සැහැල්ලු ඒවාය. එහෙත් ඒ හැම තිරුවක්ම ඉලෙක්ට්‍රෝනික් උපාංගයකි. එය තනා තිබෙන්නේ අවාරණ (protective layer) දෙකකට මැදි කළ ග්රැෆින් තට්ටුවක් (graphene layer) යොදා ගෙනය. 


ග්රැෆින් යනු වානේ මෙන් සිය ගුණයක් ශක්තිමත් පරමාණුවක මට්‌ටම දක්වා තුනී කළ හැකි, කෘතිම රසායන ද්‍රව්‍යයකි. සියුම් ග්රුෆින් තට්ටුවක දත්ත විශාල ප්‍රමාණයක් රදවා තබන්නට පුළුවන. මෙම ඩේටාස්කිට්ස්  පටියක කෙළවර සන්නායක තට්ටුව (conductive layer) තිබේ.

මෙම තීරුවක 32GB දක්වා තොරතුරු රැදවිය හැක. තොරතුරු රැදවූ මෙවැනි තීරුවක් එහි ඇති මැලියම් මගින් යම් තැනක  ඇලවූ විට, flash drive එකක් usb port එකට සම්බන්ධ කළ විටදී මෙන් දත්ත හුවමාරු  කළ හැක. ඒ අතරම මෙවැනි dataSTICKIES කිහිපයක් එකිනෙකට ඇලවීම මගින් එහි ධාරිතාවයද වැඩි කර ගත හැකිය.

මෙම dataSTICKIES එකකින් දත්ත හුවමාරු කළ හැකි විශේෂ ස්තරයක්ද (ODTS – Optical data tansfer surface) තනා තිබේ. එය පාරදෘශ්‍යය. ස්ටිකරයක් මෙන් පරිගණක මොනිටරයේ, මොනිටරය වටා ඇති පෙදෙසේ, smartphoneයේ යනාදී ඕනෑ තැනක එය අලවා විදුලි සම්බන්ධය ලබා දිය හැක. දැන් මේ ODTS එක මත අලවන data stick එකෙහි ඇති දත්ත පරිගණකය හෝ වෙනත් දත්ත භාවිතා කෙරෙන උපකරණයක් වෙත ලබා ගන්නට පුළුවනි.



තුනී ප්ලාස්ටික් තීරුවක් සේ පෙනෙන data sticky, විවිධ පැහැයෙන් නිමැවීය හැක. එසේ ම එහි මතුපිට ඕනෑ දෙයක් ලියා තබන්නට පුළුවන. එනිසා ප්‍රමුඛතාව අනුව note තබාන්නක් මෙන් sticky note වල ඇති තොරතුරු හදුනාගන්නට නම් දිය හැක. එසේම මෙම note ගණනාවක් අට්ටියක් සේ ලග තබා ගන්නට පුළුවනි. හරියට flash drive 100ක් 200ක් ලග තබා ගත්විට මෙන් ඉන් ප්‍රයෝජන ගන්නට පුළුවන. මෙම data stickies තාක්ෂණය සම්පුර්ණයෙන්ම අත්හදා බලා හමාරය. එහි ප්‍රයෝගික දෝෂ නැත. වානිජ වශයෙන් නිෂ්පාදනය කරන විට flash drive වලට වඩා ඉතා අඩු මිලට ලබාදිය හැක.

තවත් විස්තර දැන ගැනීමට : dataSTICKIES Web Site

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook